බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති තිරසර ලංකා ජාතික මංගල්‍යයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය 2017-04-02 දිනට යෙදී තිබිණ. මෙම ජාතික මංගල්‍ය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් වසවිස නැති දේශීය සහල් අලෙවි සැල් පවත්වාගෙන ගිය අතර අංගම්පොර සටන් වලින් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශනවලින් ජාතික මංගල්‍ය වර්ණවත් විය. අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුලූ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මණ්ඩලය සහභාගි වූහ.