2017-04-14 දින ඇති වූ මීතොටමුල්ල කසල කන්ද නාය යාම හේතුවෙන් ව්‍යසනයට පත් ජනතාව තාවකාලික පදිංචි කිරීම සඳහා මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණ සම්පූර්ණයෙන් පිරිසිදු කර සියලූම පහසුකම් සලසමින් කඩිනමින් ඉදිකර දීමේ කටයුතු සාගල රත්නායක අමාත්‍යතුමාගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට පිරිස් 100 බැගින් දෛනිකව යොදවමින් සිදු කරනු ලබයි.