අසරණ වූ මිනිසුන් හට බෙදා හැරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බලකා මූලස්ථාන මගින් එක් රැුස් කළ අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, අභ්‍යාස පොත්, සහ ඖෂධ වර්ග සහිත ලොරි රථ 27ක් සිරස, ජාතික, හිරු සහ ස්වාධීන රූපවාහිනි නාලිකාවන් සමග අත්වැල් බැඳ ගනිමින් විපතට පත් වූ අහිංසක ජනතාව වෙනුවෙන් බෙදා හැරීම සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන වෙත භාර දුන්හ.