අනුරාධපුර සහ මිහින්තලය නගර කේන්ද්‍ර කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය තුන්වන වරටත් උත්කර්ශවත් අයුරින් සැමරීය. සැප්තැම්බර් මස 12 දින ආරම්භක දිනය වූ අතර එදින උදෑසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී දෙපාර්තමේන්තු ධජය සහ සියලූම බලකා හා පුහුණු පාසල් ධජයන්ට සෙත් පැතීය. සම්මාන මුරය පිළිගැන්වීම සහ රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පවත්වා මියගිය රණවිරුවන් අනුස්මරණ කර පසුදින උදෑසන මිහින්තලය පුහුණු පාසල් පරිශ්‍රයේදී මහා සංඝරත්නය උදෙසා දානය පිළිගැන්වීමෙන් අනතුරුව තෙවන සැමරුම් උළෙල නිමා විය.
මෙම උත්සව අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මැතිතුමා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ලක්ෂ්මී පල්ලේගම මැතිණිය, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මැතිතුමා, ඇතුලූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලූම අධ්යක්ෂ මණ්ඩලය, සියලූම බලකා අණදෙන නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිවිපිදු රණවිරුවන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.