ආරක්ෂක අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ව්‍යාපාරිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් නිල්සිරිගම බෝපිටිය ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද නිවසක් පාපතරයකු විසින් කෙලෙසා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ කුඩා දියණියකගේ දෙමාපියන් වෙත (නොවැ: 29) දින භාරදෙන ලදී. මෙම චාම් උත්සවය සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහබාගි විය. එමෙන්ම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතාද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
2014 සැප්තැම්බර් මාසයේ දී ලිංගික අපයෝජනයට ලක්වීමෙන් පසුව ඝාතනය කරන ලද අට හැවිරිදි දියණියගේ පියා වන ඩි.එල්. ලංකාතිලක මහතා වෙත මෙම නව නිවස පරිත්‍යාග කරන ලදී.
මෙම සමාජ සුභසාධන ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු සඳහා AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් මුල්‍යමය ආධාර සපයන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම හා ශ්‍රමය සැපයීම මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දායක විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන මහතා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා, ජේෂ්ඨ අමාත්‍යංශ නිලධාරීන්, අනුග්‍රාහක ආයතන නියෝජිතයින්, ජේෂ්ඨ රාජ්‍ය හා හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.