කිලිනොච්චි වට්ටකච්චි වී වගා ව්‍යාපෘතියෙහි අස්වනු නෙලීමේ මංගල්‍ය හින්දු චාරිත්‍රානුකූලව අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ ප්‍රධානත්වයෙන් 2018-01-20 පවත්වන ලදි. විශ්වමඩු, කිලිනොච්චි, මුලතිව් බලකා මූලස්ථානයන්හි ගර්භනී මාතාවන් සඳහා වියලි ආහාර පාර්සලයක් ලබාදීම, දරුවන් සඳහා අභ්‍යාස පොත් ප්රදානය කිරීම ද සිදු කරන ලදි.
තෛයිපොංගල් උත්සවයට සමගාමීව මුලතිව් භාරතීපුරම්හි ඉදිකරන ලද කෝවිල් සංකීර්ණය විවෘත කර දේවරූප 08ක් තැන්පත් කරන ලදි.