අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත දීඝවාපිය රජමහා විහාරාධිපති පුජ්‍ය මහවැව සෝහිත හිමියන්ගේ ඉල්ලීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භටයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන දීඝවාපි ස්ථුපයේ නිරික්ෂණ චාරිකාවක් සඳහා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමය කළමානාකරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මැතිතුමා සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමන් 2021.07.15 වන දින සහභාගිවිය.
එහිදී ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරන දැවැන්ත මෙහෙය දිරිමත් කිරීමේ අරමුණින් බෞද්ධයා මාධ්‍ය ජාලය විසින් ටැක්ටර් රථ තුනක් සහ අත්වැසුම් පරිත්‍යාග කිරීමක් සිදුවිය.
එම අවස්ථාව සඳහා ශ්‍රි සම්බෝධි මහා විහාරාධිපති ද බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්යක්ෂ පුජ්‍ය බොරලන්දේ වජිරඥාන හිමි ද, නැගෙනහිර පළාතේ පිරිවෙන් අධ්‍යාපන සහකාර සම්බන්ධිකරණ අධ්යක්ෂ පුජ්‍ය කිරිදිවැල සිරි සෝමරතන හිමියන් ද, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මැතිතුමා ද සහභාගි විය.