සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 ජූලි මස 19 වන දින ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතන මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
නව ධුරයේ වැඩ භාරගත් අධ්යක්ෂ ජනරාල්තුමාට ආශිර්වාද ලබා දුන් මහා නාහිමිවරුන් පූජනීය ස්ථානවල ආරක්ෂාව හා ශාසනික දියුණුව වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලබා දෙන සහාය පිළිබඳව ප්‍රශංසා කරන ලදි.