සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 21 වන දින කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යමින් අස්වනු නෙලීම් සිදුකරන අක්කර 1200ක කොණ්ඩච්චි කජු වගාවට අමතරව කජු සංස්ථාව සතු භූමියෙන් අක්කර 500 ක භුමියක් මෙම දෙපාර්තමේන්තුවට වගා කටයුතු සඳහා ලබා දෙන ලදි. අධ්යක්ෂ ජනරාතුමාගේ සෘජු මඟ පෙන්වීම යටතේ එම භුමිය එළිපෙහෙළි කිරීම, මූලික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම හා ශාක රෝපණය කිරීම ආදී සියලුම ක්‍රියාවන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් හා තාක්ෂණික දැනුම භාවිතා කරමින් සිදුකරනු ලබයි.
මෙම භූමියේ සිටුවීම සඳහා අවශ්‍ය කජු පැළ 13000ක ප්‍රමාණයක් දෙපාර්තමේන්තු සාමාජිකයින් විසින්ම තවාන් දමා ඇති අතර, දැනට බිම් සකසා ඇති වගා භුමියේ කජු වගාව ආරම්භ කිරීම සංකේතවත් කරමින් අධ්යක්ෂ ජනරාල්තුමා විසින් එදින සුභ මොහොතින් කජු පැළයක් රෝපණය කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් වගා කරනු ලබන කජු අක්කර 1200ක භූමිය හා කජු සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලබන අක්කර 4500ක භූමිය වටා කි.මි.32 කින් යුත් ආරක්ෂිත විදුලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් කජු සංස්ථාවේ ඉහළ නිලධාරීන් හා අධ්යක්ෂ ජනරාල්තුමා අතර සාකච්ඡාවක් පවත්වන ලදි. ඒ අනුව කජු සංස්ථාව මඟින් විදුලි වැට ඉදිකිරීම සඳහා වැයවන අමුද්‍රව්‍ය, තාක්ෂණික මෙවලම් හා ප්‍රතිපාදන ලබා දීමට යෝජනා වූ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමජිකයින්ගේ පූර්ණ තාක්ෂණික දැනුම හා ශ්‍රම දායකත්වයෙන් යෝජිත විදුලි වැට ඉදිකිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා වන ඉදිරි උපදෙස් කොණ්ඩච්චි කජු ව්‍යාපෘතිය භාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් කේයූසී පෙරේරා වෙත අධ්යක්ෂ ජනරාල්තුමා විසින් ඉඳුරාම ලබා දෙන ලදි.
ඉන් අනතුරුව කජු ව්‍යාපෘතියේ රාජකාරී කරනු ලබන සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ භට නිවාස, සුභසාධන කටයුතු හා රාජාකාරී සම්බන්ධයෙන් අධ්යක්ෂ ජනරාල්තුමන් විසින් විමසන ලදි.