සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 16 වන සංවත්සරටය සමගාමිව කැබිතිගොල්ලෑව භාතියගිරි ආරණ්‍ය සේනාශයේ පුරාණ චෛත්‍ය රාජයාණන්වහන්සේ වන්දනාමාන කිරිමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සලසා ගැනීම සඳහා මාර්ගය ඉදිකිරීම අධ්යක්ෂ ජනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි කැබිතිගොල්ලෑව අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජගත් දිසානායකගේ නායකත්වය මත කැබිතිගොල්ලෑව බලකායේ සමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී.
භාතියගිරි ආරණ්‍ය සේනාශයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයක් පවත්වා මෙම මාර්ගය සඟසතුකොට පූජාකිරීම සිදුකල අතර පුන්යෝත්සවය සඳහා සහභාගී වූ 1500කට ආසන් බැතිමතුන් උදෙසා රාත්‍රි ආහාර වෙනුවෙන් දන්සලක් පවත්වන ලදි.
පසුදින තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං අනුමෝදම් කිරීම, රණක්ෂිතයට පත් සිවිල් ආරක්ෂක සාමාජික සමාජිකවන් වෙත සෙත් ප්‍රාර්ථනා කිරීම හා මාර්ගය ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන් සියළුදෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් හතලිස් නමකට ආසන්න මහා සංඝරත්නය විෂයෙහි අෂ්ඨ පරිෂ්කාර හා සෙසු පිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී.