ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා 2022 නොවැම්බර් මස 10 වන දින මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් ආරක්ෂක ලේකම්තුමාව පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තු කඳවුරු මුරය හා සම්මාන මුරය පිළිගන්වන ලද අතර ආරක්ෂක ලේකම්තුමා විසින් මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කළේය.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා විසින් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් හා සියලුම බලකා / පුහුණු පාසල් අණදෙන නිලධාරින් සමඟ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්තුමා, ත්‍රස්තවාදී යුධ සමයේදී මායිම් ගම්මාන ආරක්ෂා කරමින් හා ත්‍රිවිධ හමුදාව විසින් මුදවාගන්නා ලද ගම්මාන ආරක්ෂා කරමින් දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් දිවිහිමියෙන් ඉටුකරන ලද සුවිශේෂී සේවාව කෘතගුණ පූර්වකව සිහිපත් කරන ලදී.
වර්ථමානයේ වී වගාව ප්රමුඛ කර ගනිමින් කෘෂි ව්‍යාපෘති හා වෙනත් ව්‍යාපෘතින් මගින් මෙන්ම ඉදිකිරීම් සහ නඩත්තු රාජකාරි, ආරක්ෂක සේවා හා නර්තන, සංගීත කණ්ඩායම් ආදියෙහි සේවාවන් ලබාදීම මගින් රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් ලබා දෙන්නා වූ දායකත්වය මෙන්ම වත්මන් වැඩ පිළිවෙල ඉතා අගය කරන ලද අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒමට උරදී ක්‍රියාකරන එහි වත්මන් නායකත්වය ඇතුළුව සියලුම නිලධාරින් හා භට / භටවරියන් ද ඇගයීමට ලක් කරන ලදී.
තවදුරටත් මෙම දෙපාර්තමේන්තුවේ සේවය රටේ ආර්ථිකය හා සංවර්ධනය උදෙසා ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට සිවිල් ආරක්ෂක භට / භටවරියන් අමතා ප්‍රකාශ කරන ලදී.