සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 16 වන දින හොරොව්පොතාන බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි කර්නල් අවිශ්ක බස්නායක විසින් අධ්යක්ෂ ජනරාල් තුමාව පිළිගත් අතර අධ්යක්ෂ ජනරාල්තුමා විසින් කඳවුරු භූමියේ පැළයක් රෝපනය කිරීමෙන් අනතුරුව බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ දායකත්වය හැකි උපරිම අයුරින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ලබාදෙන මෙන් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව සුභසාධක වෙළඳ සංකීර්ණයේ පවත්වාගෙන යනු ලබන කරණවෑමිහල හා මැහුම්හල නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව වාගොල්ලාකඩවල අනුකලාපයේ බඩඉරිඟු ව්‍යාපෘතිය ද නිරීක්ෂණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායක, හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි කර්නල් අවිශ්ක බස්නායක, සේවාවනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ද සහභාගී විය.