සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතී සඳහා අවශ්‍ය කරනු ලබන බීජ වර්ග දෙපාර්තමේන්තුව තුළම නිපදවා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීම සඳහා 2023 පෙබරවාරි මස 14 වන දින සිට 16 වන දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙන් ස්වයං බීජ නිපදවීමේ තෙදින නේවාසික වැඩමුළුවක් මහඉලුප්පල්ලම සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතනයේ දී පවත්වන ලදී.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ සම්බන්නධීකරණයෙන් උතුරුමැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක සහ මහඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ මැදිහත්වීමෙන් මෙම වැඩමුළුව සංවිධානය කළ අතර ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධණ අයතනයේ නිලධාරින් හා ගොවිපළ කළමණාකරු විසින් දේශණ මෙහෙයවන ලදී.
ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ඇතුළු කෘෂි ව්‍යාපෘතින් හි නියැලෙන සිවිල් ආරක්ෂක සාමජිකයින් 30 දෙනෙකු මේ සඳහා සහභාගී වූ අතර වැඩමුළුව අවසානයේ උතුරු මැද පළාත් කෘෂිකර්ම ආයතනය මගින් සහතික පතක් ද පිරිනමන ලදී.