අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පළමු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් එතුමන්ට සහ රජයටත් ලක්වැසි සැමටත් සෙත්පතා අධ්යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ උපදෙස් පරිදිබලකා 23ක් සහ පුහුණු පාසල් 05ක් තුළ වැඩසටහන් රැසක් පැවැත්විය.
සියලුම බලකා මූලස්ථානවල සහ අනු කලාප ආශ්‍රිතව පිහිටි විහාරස්ථානවල ශ්‍රමදානයක් පවත්වා සන්ධ්‍යාවේ බෝධි පූජා පිංකම් පැවැත් වූ අතර සෑම බලකා මූලස්ථානයකම ලේ පරිත්‍යාග ශීලි භට/භටවරියන් 100ගේ සහභාගීත්වයෙන් ලේ දන් දීමේ වැඩසටහන් පැවැත් වූ අතර, 2500කට ආසන්න භට/භටවරියන් පිරිසක් ලේ දන් දිමේ වැඩසටහන් සඳහා සහභාගි විය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල දිසිවිල් ආරක්ෂක භටයින් 2,000ගේ සහභාගීත්වයෙන් පහන් පූජාවක් හා බෝධි පූජා පිංකමක් පැවැත්වූ අතර මහනුවර දළදා මාලිගය අභියස දිභටයින් 500ගේ සහභාගීත්වයෙන් පහන් පූජාවක් සහ බෝධි පුජාවක් පැවැත්විය.
එමෙන්ම මිහින්තලය පූජා භූමිය තුළ සිවිල් ආරක්ෂක භටයින් 500ගේ සහභාගීත්වයෙන් පහන් පූජාවක් සහ බෝධි පූජාවක් පැවැත්විය.
පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ සාමාජිකයින් 3400ගේ සහභාගීත්වයෙන් යාපනය, කිලිනොච්චි හා මුලතිව් කෝවිල් 48ක හින්දු ආගම අනුව ආශිර්වාද පූජා 48ක් පවත්වමින් අතිගරු ජනාධිපතිතුමාට, රජයට, ලක්වාසී ජනතාවට ආශිර්වාද කලේය.
අනුරාධපුරය තන්තිරිමලය පුරාණ රජමහා විහාරයේ දීසිවිල් ආරක්ෂක භටයින් 1200ගේ සහභාගීත්වයෙන් පහන් පූජාවක් සහ බෝධි පූජාවක් පැවැත් වූ අතර කතරගම කිරිවෙහෙර අසල දී 1000ගේ සහභාගීත්වයෙන් පහන් පූජාවක් හා බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද කරන ලදී.
පසුදින වන රෝපණ වියාපෘතිය ආරම්භ කල අතර එක් එක් බලකායන් තුල තෝරාගත් භූමියක පැල 500කට ආසන්න ප්‍රමාණයක් සිටුවනු ලැබීය. මේ අනුව පැල 10,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පිහිටි බලකා මූලස්ථානවල සිටවූ අතර ගෝමරණ්කඩවල බලකා මූලස්ථානය මගින් සඳුන් ගස් 2000ක් රෝපණය කළේය.
Photo Gallery