Contact Details
- විස්තර
ස්වභාවික හෝ මානව ක්‍රියාවලියන්ගේ බලපෑම නිසා ඇතිවන හදිසි ආපදා අවස්ථාවකදී සිදුවන ජීවිත හෝ දේපල හානිය අවම කර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක සාමාජිකයින් ගත යුතු ආරක්ෂක පියවරයන් පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟ පෙන්වීමට අනුව අධ්යක්ෂ පුහුණු කර්නල් එච්එම්ඒඩී සරත්චන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් මොරටුව මහ නගරසභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරින් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 25 දෙනෙකු සඳහා හදිසි ගිනි ගැනීමක් සිදුවූ අවස්ථාවකදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ පුහුණු වැඩසටහනක් 2024 මැයි මස 02 වන දින සිට 04 වන දින දක්වා සේරුපිට පුහුණු පාසලේ දී පවත්වන ලදී.
මෙහිදී හදිසි ගිනි ගැනීම් වලට හසුවූ ජීවිත මුදා ගැනීම, හටගත් ගින්න නිවා දැමීම හා ගින්න පැතිරයාම වළක්වා ගනිමින් දේපළ බේරා ගැනීම, ගිනි නිවරණ ක්රමෝපායන් අනුගමනය කිරීම, ගිනි ආරක්ෂණ උපකරණ භාවිතය සහ එම උපකරණ පරිහරණය පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දීම මොරටුව ගිනිනිවීමේ ඒකකයේ ගිනිනිවීමේ භට ඒඩීජීඑල් ඉලංග සහ ඩබ්එස්ආර් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් සිදුකල අතර සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්ආර්එම්යූබී රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පුහුණු වැඩසටහන සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලදී.
මධ්‍යම පළාත් ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා සංගමය මඟින් 12 වන වරටත් සංවිධානය කරන ලද ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලිය 2024 අප්‍රේල් මස 27 සහ 28 යන දෙදින මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 61 දෙනෙකු තරඟාවලිය සඳහා සහභාගී වී රන් පදක්කම් 72 ක්, රීදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනා ගනිමින් තරඟාවලියේ සමස්ත ශූරතාවය සමඟින් කාන්තා ශූරතාව හා පිරිමි අනු ශූරතාවය දිනා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී හා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ජයග්‍රහණ ලබා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සුභාශිංෂණ එක් කරන ලදී.
මධ්‍යම පළාත් ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා තරඟාවලියේ එක් එක් වයස්කාණ්ඩ යටතේ දක්ෂතම ක්‍රීඩිකාවන් සඳහා හිමි කුසලාන 04ක් දිනාගැනීමට හා තරඟාවලියේ පෙර පැවති තරඟ වාර්තා 13ක් බිඳ හෙළීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
තරගාවලියේ නව තරඟ වාර්තාවන්
වයස් කාණ්ඩය |
ක්‍රීඩා ඉසව්ව | නිල අංකය | නම | බලකාය |
40-44 කාන්තා | උස පැනීම | F 035468 | එස්ආර්එස් ජයවර්ධන | වැලිඔය |
40-44 කාන්තා | හෙල්ල විසිකිරීම | F 031890 | ටී ප්‍රදීපා ජානකී | මහඔය |
45-49 කාන්තා | උස පැනීම | F 029398 | ඩබ්එල් කුසුමාවතී | උහන |
30-34 කාන්තා | රිටි පැනීම | F 030143 | යූඑස් ජයසිංහ | විල්පත්තුව |
45-49 කාන්තා | හෙල්ල විසිකිරීම | F 022584 | ඩබ්පී කෞෂි | වෙන්නවත්ත |
35-39 පිරිමි | උස පැනීම | M 025376 | ආර්ඒඒ ගයාන් | වැලිඔය |
30-34 පිරිමි | උස පැනීම | M 035561 | එස්ඒ කුමාර | වැලිඔය |
40-44 පිරිමි | මීටර 400,800,1500 | M 024592 | ආර්ආර්ඒ රත්නායක | අනුරාධපුර |
40-44 කාන්තා | මීටර 400,800,1500 | F 022584 | එම්ඒ චන්ද්‍රාවතී | විල්පත්තුව |
තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවන්
වයස් කාණ්ඩය | නිල අංකය | නම | බලකාය |
30-34 කාන්තා | F 035468 | එස්කේඑම් සේමසිංහ | විල්පත්තුව |
35-39 කාන්තා | F 031711 | වයිඑම්අයිඑන් වීරකෝන් | විල්පත්තුව |
40-44 කාන්තා | F 035468 | එස්ආර්එස් ජයවර්ධන | වැලිඔය |
50-54 කාන්තා | F 030647 | එම් ඒ චන්ද්‍රාවතී | විල්පත්තුව |
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම අනුව අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් විශ්වමඩු, කිළිනොච්චි හා මුලතිව් බලකායන්හි සේවය කරනු ලබන පෙර කිසිදු අවස්ථාවක දී කොළඹ ප්‍රදේශය වෙත නොපැමිණි සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 39 දෙනෙකු හට සුභසාධක කටයුත්තක් වශයෙන් 2024 අප්‍රේල් මස 09 වන දින සිට 12 වන දින දක්වා කොළඹ ප්‍රදේශයේ සංචාරයක නිරිත වීමේ අවස්ථාව උදා කර දෙන ලදී.
2024 අප්‍රේල් 10 දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයෙහි පැවති සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ ජන ක්‍රීඩා සඳහා සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ සංස්කෘතික නර්තන අංගයන් ඉදිරිපත් කරන ලදී. මෙම සංචාරය අතරතුරදී ජාතික සත්වඋද්‍යානය, කොළඹ වරාය, කොළඹ වරාය නගරය, නෙළුම් කුළුණ ඇතුළු කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ඔවුනට සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව උදා විය.
මෙම සංචාරයේදී කොළඹ ප්‍රදේශයේ පොදු කටයුතු හා වාණිජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අත්දැකීමක් මෙන්ම අවබෝධයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිවූ අතර සංචාරක මඟපෙන්වන්නා ලෙස මුලතිව් බලකායේ අණදෙන නිලධාරි මේජර් එස්සී ද සිල්වා ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හා වෙන්නවත්ත බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්පීකේජී රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු බලකායේ සාමාජික සාමාජිකාවන් විසින් නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සලසා දෙන ලදී.
පොල්හේන ජල ක්‍රීඩා සංගමය මගින් 13 වන වරට සංවිධානය කළ සමස්ථ ලංකා විවෘත කි.මි. 2 මුහුදු පිහිණුම් තරඟය 2024 අප්‍රේල් මස 07 වන දින මාතර පොල්හේන මුහුදු වෙරළ තීරයේදී පවත්වන්ට යෙදුණු අතර ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පිහිණුම් ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25 දෙනෙකු සහභාගී විය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව “ආරක්ෂක සේවා ශූරතා පලිහ” දිනාගත් අතර කාන්තා සිවිල් ආරක්ෂක 026099 ජේඑච් නන්දනී විසින් වයස්ගතම ක්‍රීඩිකාවට හිමි කුසලානය හා තරඟ කරුවන් 200ක් අතරින් 10 ස්ථානය ද සිවිල් ආරක්ෂක උප නියාමක 023810 එන්එස් ප්‍රියසංක විසින් 11 වන ස්ථානය දිනා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සේවාවනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කොවුල් අසිරිය බක්මහ උළෙල 2024 අප්‍රේල් මස 10 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය සැමරීම හා සංස්කෘතික අංගයන් පිළිබඳව අනෝන්‍ය අවබෝධය ඇතිකිරීම වෙනුවෙන් විශ්වමඩු, කිළිනොච්චි, මුලතිව් බලකායන්හි සේවය කරන මීට පෙර කිසිදු අවස්ථාවක කොළඹ ප්‍රදේශය වෙත නොපැමිණි සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 39 දෙනෙකු හට සිංහල අලුත් අවුරුදු අසිරිය පිළිබඳව අත්දැකීමක් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් සංවිධානය කළ යාල්පානමෙන් කොලොම්තොට බලා නෑගම් පැමිණීම සහ බක්මහ කුමරිය තරඟය ඇතුළු සංස්කෘතික අංගයන් හා ජනක්‍රිඩා රැසකින් කොවුල් අසිරිය බක් මහ උළෙල විචිත්‍රවත් වන ලදි.
මෙයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද අවුරුදු පොළෙහි බලකා මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතීන්හි නිෂ්පාදිත සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, එළවළු, පළතුරු වැනි කෘෂි නිෂ්පාදන හා අත්කම් භාණ්ඩ ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය ආදිය සහන මිලට අලෙවි කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේතුවට අනුයුක්තව රාජකාරී කරන ත්‍රිවිධ හමුදාව, පොලීසිය සියලුම නිලධාරින් හා සෙසුනිලයන් අතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය, වෙන්නවත්ත බලකාය හා සේරුපිට පුහුණු පාසලේ රාජකාරි කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සහභාගී විය.
තනතුර |
දුරකථන අංකය |
අධ්යක්ෂ ජෙනරාල් | +94 112 044850 / FAX - 94 112 044851 |
අතිරේක අධ්යක්ෂ ජෙනරාල් | +94 112 044853 / FAX - 94 112 044853 |
අධ්යක්ෂ මෙහෙයුම් | +94 112 044863 / FAX - 94 112 044864 |
අධ්යක්ෂ පුහුණු | +94 112 044873 / FAX - 94 112 044873 |
මාණ්ඩලික නිලධාරි මූලස්ථාන | +94 112 044877 |
හුවමාරුව | +94 112 044860 |
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය | +94 112 044860 |
අධ්යක්ෂ මුදල් | +94 112 044859 / FAX - 94 112 044861 |
අධ්යක්ෂ පිරිස් | +94 112 044856 / FAX - 94 112 044857 |
කාර්ය සම්පාදන අධ්යක්ෂ | +94 112 044854 / FAX - 94 112 044855 |
තොරතුරු නිලධාරියා - සහකාර අධ්යක්ෂ සිවිල් පාලන (සිවිල් පාලන අංශය) | +94704751011 +94 112044874 / FAX - 94 112044875 |
සැ.යු: 2016 අංක 12 දරන තොරතුරැ දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතට අදාළ විමසීම් සඳහා පමණි | |
දු.ක +94112044850 / FAX - 0112044851 විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
|