සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම පූජා භූමිය හා කිරිවෙහෙර වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, හම්බන්තොට දිස්ත්‍රික් සඟ සමළුවේ සභාපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක හිමි හා තිස්සමහාරාම සඳගිරි අභය මහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමි බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගෙන දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් ලබා ගන්නා ලදී.
ඉන් අනතුරුව, සිතුල්පව්ව විහාරස්ථානය, දෙවිනුවර පරම විචිත්‍රාරාම රජමහා විහාරය, මාතර පාලටුවාව බෞද්ධ විහාරස්ථානය, ගෞතම විද්‍යාල පිරිවෙන් වෙහෙර, ශ්‍රී රත්නාරාම රජමහා විහාරස්ථානය හා කතරගම අභිනවාරාමය ආදී විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී බලකායේ සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ දායකත්වය හැකි උපරිම අයුරින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ලබාදෙන මෙන් උපදෙස් ලබා දුන් අධ්යක්ෂ ජනරාල්තුමන් බලකා සාමාජික සාමාජිකාවන්ගේ ගැටළු පිළිබඳවද විශේෂ අවධානය යොමුකරන ලදී.
ඉන් අනතුරුව කතරගම බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතීන් පිළිබඳව වැඩිදුරටත් විමර්ශණය කරන ලද අතර, දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන තංගල්ල මහ රෝහලේ සිව්මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ එතුමා එම ඉදිකිරීම් වඩාත් ගුණාත්මකව හැකි ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
තිස්එක්වන පළාත් එල්ලේ තරඟාවලිය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී 2021 දෙසැම්බර් 05 වන දින පැවැත්වූ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව බලකා එල්ලේ කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.
පොළොන්නරුව බලකා එල්ලේ කණ්ඩායම අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම පරාජය කරමින් විශිෂ්ඨ ජයක් ලබා ගත් අතර වසර 15කට පසු XLVI ජාතික මහා ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහාද අවස්ථාව උදා කරගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත බලකායට අනුයුක්තව රාජකාරී කරන පීකේ ජයම්පති රාජරත්න 2021 වර්ෂයේ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 1500, මීටර් 800 ධාවන ඉසව්වලින් සහ මීටර් 400 කඩුළු මතින් දීවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගන්නා ලදී. මීට අමතරව 2018 සහ 2019 වර්ෂයේ රාජ්‍ය සේවා මලළ ක්‍රීඩා උළෙලයන්හිදී රන් හා ලෝකඩ පදක්කම් දිනා ගත් ඔහු 2019 වසරේ දකුණු පළාත් තරඟයේදීද මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය.
එම සිවිල් ආරක්ෂක සාමාජිකයා 2021 දෙසැම්බර් මස 20 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් විසින් ඇඟයීමට ලක්කර සුභ පැතුම් එක් කරන ලදී.
තිස්වසරක් පුරා ලක්ධරණීතලය වෙලාගත් සාපලත් ත්රස්තවාදයට නැවතීමේ තිත තැබීමට දායක වූ ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයින්ට උපහාර පුදනු වස් අනුරාධපුර යුගයේදී ඉදිවූ මහා චෛත්‍යවලින් පසු නූතන යුගයේ ඉදිවූ විශාලතම චෛත්‍ය ලෙස සැලකෙන සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කොට ලෝකවාසී ජනීජනයාගේ වන්දනාමානය උදෙසා සඟසතුකොට පූජාකිරීමේ පූන්යෝත්සවය 2021 නොවැම්බර් මස 18 වන ඉල් පොහෝය දින අනුරාධපුරයේදී පැවැත්විණි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රා) මැතිතුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ හා සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුර සඳහිරු සෑයේ කොත්වහන්සේ නිරාවරණය කර ලෝකවාසී ජනීජනයා වෙනුවෙන් වන්දමාන කිරීම සඳහා සඟසතුකොට පූජා කරන ලදී.
තිස් වසරක් පුරා පැවති ත්‍රස්තවාදය අවසන් කර මව්බිම ලැබූ විජයග්‍රහණය සැමරීම වෙනුවෙන් හා ඒ උදෙසා තම ජීවිතය මව්බිම වෙනුවෙන් පූජාකළ හා රණක්ෂිතයට පත් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් උදෙසා උපහාර පිදීමටත්, ජාති ආගම් බේදවලින් තොරව දිවි පිදූ සියලු දෙනා පින් අනුමෝදම් කර ආශිර්වාද කිරීම වෙනුවෙන් එවකට සේනාධිනායක අතිගරු ජනාධිපති වත්මන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව එවකට ආරක්ෂක ලේකම් වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ අතීත ශ්‍රී විභූතියට හිමිකම් කියන අනුරාධපුර පූජා භූමියේ ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් හතරවෙනි චෛත්‍ය ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු 2010 වර්ෂයේ දී ආරම්භ විය.
යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ,පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයෙන් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරුණු අතර, 2012 වර්ෂයේ සිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විල්පත්තුව බලකායේ ඇලයාපත්තුව ගඩොල් ව්‍යාපෘතිය මගින් ස්තූප ගඩොල් ලක්ෂ 67ක් පමණ ප්‍රමාණයක් සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සුරතින් සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා නිෂ්පාදනය කර ලබා දී ඇත. එලසම චෛත්‍ය ඉදිකිරීම් කටයුතු සඳහා සහ දෛනික වතාවත් සඳහාද සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ දයකත්වය ලබා දෙන ලදී.
සඳහිරු සෑයේ ඉඳිකිරීම් වෙනුවෙන් කැපවී ක්‍රියා කළ සිවිල් ආරක්ෂක සාමාජිකයින් ඇගයීම උදෙසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඇගයීමේ සහතිකපත් ලබා දීමද මෙහිදී සිදු විය.