සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 24 වන දින යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අස්ගිරි මහා විහාරවාසී කර්මාචාර්ය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහගල රජමහා විහාරාධිකාරී කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් හමුවී ඉදිරි ඉදිකිරීම් සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලබන සහාය පිළිබදව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිවෙමින් පවත්න කූරගල චෛතයයේ ඉදිකිරීම් කටයුතු සහ විහාරභූමිය නිරීක්ෂණ කළේය.
ඉන් අනුතුරුව අධ්යක්ෂ ජනරාල්තුමන් කූරගල ව්‍යාපෘතිය ඉදිකිරීම් සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක භට පිරිස අමතන ලදි. මෙම අවස්ථාව සඳහා යුධ හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ද සහභාගී විය.
දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත රෝගී තත්වය හේතුවෙන් දිනපතා වර්තාවන රෝගීන් ප්‍රමාණය ඉහළයාම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමාගේ අධීක්ෂණය මත ගල්කිරියාගම උසස් පුහුණු පාසල කොවිඩ් 19 වැළදුනු රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කර ඇත.
ගල්කිරියාගම උසස් පුහුණු පාසලේ අණදෙන නිලධාරී මේජර් ඩීආර් තාරුකාරන්නගේ පූර්ණ අධීක්ෂණය යටතේ පලාගල මහජන වෛද්‍ය නිලධාරීතුමන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ඇතිව පවත්වාගෙන යනු ලබන එම මධ්‍යස්ථානයේ රෝගීන්ගේ සියලු සුභසාධන කටයුතු හා ආහාරපාන ලබාදීම උසස් පුහුණු පාසලේ කාර්යමණ්ඩලය විසින් සිදු කරයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින මල්වතු පාර්ශයේ හා අස්ගිරි පර්ශයේ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී මල්වතු පාර්ශයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී උපාලි අනුනායක හිමියන් හා අස්ගිරි පාර්ශයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
අධ්යක්ෂ ජනරාල් තුමා සහ පැමිණි සිටි පිරිසට අනුනායක හිමිවරුන් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කලේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින නුවර බලකායේ සිදු කල සංචාරය අතරතුර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් ආරම්භ කරන ලද යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින්ගේ ශ්‍රම දායකත්වය ඇගයීමට ලක්කල නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාර වාසි කොහුලියද්දේ ධම්මවංශ හිමියන් විසින් අධ්යක්ෂ ජනරාල්තුමන් හට සමරු තිළිණයක් ප්‍රධානය කලේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 ජූලි මස 19 වන දින ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතන මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
නව ධුරයේ වැඩ භාරගත් අධ්යක්ෂ ජනරාල්තුමාට ආශිර්වාද ලබා දුන් මහා නාහිමිවරුන් පූජනීය ස්ථානවල ආරක්ෂාව හා ශාසනික දියුණුව වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලබා දෙන සහාය පිළිබඳව ප්‍රශංසා කරන ලදි.