සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සහකාර අධ්‍යක්ෂකවරුන්, සියලුම බලකා, පුහුණු පාසල් සහ විශේෂ ව්‍යපෘති අණදෙන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2023 දෙසැම්බර් මස 01 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම සාකච්ඡාවේදී අණදෙන නිලධාරින් හට බලකා / පුහුණු පාසල් පරිපාලනයේදී සහ ව්‍යාපෘති පවත්වාගෙන යාමේදී මුහුණ දෙනු ලබන ප්‍රායෝගික ගැටළු හා අපැහැදිළි තත්වයන් පිළිබඳව කරුණු අධ්‍යක්ෂකවරුන් සහ සහකාර අධ්‍යක්ෂකවරුන් වෙත සෘජුවම යොමු කිරීමට අවස්ථාව උදාවූ අතර, එහිදී එම ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබඳව පැහැදිළිකිරීම් හා අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්රතිඵලදායි සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඉදිරි ඉලක්කයන් සපුරා ගැනීමට සහ දෙපාර්තමේන්තුවේ ඉදිරි ප්රගමනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම් හා උපදෙස් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් සාකච්ඡාවේදී අණදෙන නිලධාරින් වෙත ලබා දෙන ලදී.
2023 නොවැම්බර් මස 05 වන දින සිට 15 වන දින දක්වා පිලිපීනයේ නිව් ක්ලාක් නගරයේ පැවති ආසියානු ප්‍රවීනයන්ගේ මළල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් උහන බලකායේ සේවයේ නියුතු කාන්තා උප නියාමක 029398 ඩබ්එල් කුසුමාවතී යන ක්‍රීඩිකාව විසින් මීටර් 400 කඩුළු පැනීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් සහ අනුරාධපුර බලකායේ සේවයේ නියුතු කාන්තා උප නියාමක 021067 එච්ඒවීකේ ප්‍රියදර්ශනී ක්‍රීඩිකාව විසින් මීටර් 2000 බාධක දීවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගන්නිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකාවට විශාල කිර්තියක් ලබා දීමට සමත්ව ඇත.
මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දුන් කීර්තිය හා ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් ඇගයීමට ලක් කරමින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී මැතිතුමා විසින් 2023 නොවැම්බර් මස 21 වන දින මූලස්ථාන පරිශ්‍රයේදී ඔවුන්ගේ ක්‍රීඩා දක්ෂතාවයන් අගයමින් තවදුරටත් ක්‍රීඩා කටයුතු සිදුකරමින් දෙපාර්තමේන්තුවට හා ශ්‍රී ලංකාව වෙත කිර්ති නාමයන් හා ජයග්‍රහණ රැගෙන ඒම සඳහා අභිප්‍රේරණයක් වශයෙන් තිළිණ ප්‍රදානයක් ද සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ උපදෙස් පරිදි 17 වන දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව දිවයින පුරා විහිදී ඇති බලකා මුලස්ථාන සහ පුහුණු පාසල් මගින් සමාජ සුභසාධන කටයුතු හා විවිධ වැඩසටහන් සංවිධානය කරන ලදී.
ඒ අනුව පොළොන්නරුව බලකාය මගින් නෙළුම්වැවේ ජලඡ පැලෑටි ඉවත් කර පිරිසිදු කිරීම, මුලතිව් හා විශ්වමඩු බලකා මගින් ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කිරීම හා අනෙකුත් බලකා, පුහුණු පාසල් හා විශේෂ ව්‍යාපෘති මගින් වැඩිහිටි නිවාස පිරිසිදු කිරීම, පොදු ස්ථාන පිරිසිදු කිරීම, ශ්‍රමදාන පැවැත්වීම, ආගමික වත්වත් පවත්වා දෙපාර්තමේන්තුවට සෙත් පැතීම සහ දෙපාර්තමේන්තු දිනය සැමරීම වෙනුවෙන් සමාජ සුභසාධන වැඩසටහන් හා විවිධ උත්සව පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 ඔක්තෝම්බර් මස 17 වන දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු යුද හමුදා මූලස්ථානයේදී හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරු කරගන්නා ලදි.
1985 අංක 40 දරණ මිනිස්බල උපයෝගිතා සහ පරිපූරක හමුදා පනතේ 52 වගන්තිය යටතේ ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහායවීම සඳහා පරිපූරක හමුදාවක් ලෙස ආරම්භ කළ “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” නමින් ප්‍රතිසංවිධානය කර, වසර 17ක් පිරීම නිමිත්තෙන් දෙපාර්තමේන්තු දින සැමරුම් උත්සවය අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
2023 සැප්තුම්බර් මස 12 වන දින මොල්පේ ශ්‍රී ගංගාරාම විහාරස්ථායේදී සම්බුද්ධ පූජාවක් හා පිරිත් දේශනාවක් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සෙත් පතා ආශිර්වාද කරන ලදී.
2023 සැප්තැම්බර් මස 13 වන දින අධ්යක්ෂ ජනාරාල්තුමා වෙත සම්මාන මුරය පිළිගැන්වීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් අමතා විවිධ අභියෝග, ගැටළු හා බාධක රාශියකට මුහුණ දෙමින් පැමිණි ගමනේදී මෙම දෙපාර්තමේන්තුව නගා සිටුවීමේ සිට මේ දක්වා, යුද්ධ කාලසීමාව තුල ත්‍රස්තවාදී ප්රහාරයන්ට ලක්ව රටදැය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ 545 ක් වූ උදාරතර රණවිරුවන් ද, පූර්ණ ආබාධිත තත්වයට පත් 17 ක් වූ රණවිරුවන් ද, ආබාධිත තත්ත්වයන්ට පත් 406ක් වූ රණවිරුවන් ද, විශ්‍රාම ගොස් සිටින 3007ක් වූ සිවිල් ආරක්ෂක සාමාජික /සාමාජිකාවන්ව ද ඉතා ගෞරවයෙන් සිහිපත් කර, තවදුරටත් සක්‍රීය සේවයේ යෙදෙමින් දෙපාර්තමේන්තුවේ උන්නතිය උදෙසා කැපවීමෙන් සේවය කරන සියළුම සිවිල් ආරක්ෂක සාමාජික/සාමාජිකාවන් හට මෙන්ම සිවිල් සේවක මහත්ම/මහත්මියන්ට ද මෙම දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවයේ ඉහළම ස්ථානයක් කරා රැගෙන යාමට හැකි ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරන ලදී. ඉන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලයන් හා සෙසු නිලයන් සඳහා දිවා ආහාරය ලබා දෙන ලදී.