සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමා නව ධුරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 සැප්තැම්බර් මස 07 වන දින අනුරාධපුර අටමස්ථානාධිපති හා නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතනාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු, අටමස්ථාන විහාරයන්හි නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලද අතර මෙම අවස්ථාව සදහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී දිලිනි කෝදාගොඩ මැතිණීයද සහභාගී විය.
17 වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සැමරුම් දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 2023 සැප්තැම්බර් 06 වන දින විහාරමහාදේවි ව්‍යාපෘති භාර නිලධාරි ලුතිතන් කොමාණ්ඩර් එම්ජේපීටීඑස් පතිරණ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හා සිවිල් ආරක්ෂක සාමාජික / සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මරදාන ශ්‍රී කෛලාසනාදර් ස්වාමි දේවස්ථානයේදී හින්දු ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 17 වෙනි දෙපාර්තමේන්තු සංවත්සර දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.09.04 වන දින මහනුවර දළදා මාලිගාවේදී ශ්‍රී දළදා වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් පවත්වා දෙපාර්තමේන්තු ධජයන් වෙත ආශිර්වාද ලබා ගන්නා ලදී.
එහිදී අධ්යක්ෂ ජනරාල් තුමා මල්වතු පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතන මහා නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 17 වෙනි දෙපාර්තමේන්තු සංවත්සර දිනයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මැතිතුමා 2023.09.04 වන දින මහනුවර බලකායේ නිරීක්ෂණ සංචාරයක යෙදුනු අතර එහිදී මහනුවර බලකා අණදෙන නිළධාරී ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් අමතන ලදී.
2023 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී තිබෙන 17 වන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සැමරුම් උත්සවයට සමගාමීව කතරගම බලකා අණදෙන නිලධාරි කර්නල් කසුන් කිත්සිරි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන්, බලකා සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් 2023 අගෝස්තු මස 29 වන දින කතරගම කිරිවෙහෙර චෛත්‍ය අභියසදී සහ කතරගම දේවාලය අභියසදී ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.