සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල මහතා නව තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව 2023 අගෝස්තු මස 18 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති අතුරින් වැඩි ආදායමක් සඳහා මෙන්ම දේශීය වෙළඳපොලෙහි අමු මිරිස් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී හරිතාගාර මිරස් වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයිනගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් කැබිතිගොල්ලෑව බලකා මූලස්ථානයේදී මූලික ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් හා මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණු වැඩසටහනක් මගින් නිවැරදි හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් පුහුණුව ලබා දීමෙන් අනතුරුව දිවයින පුරා පිහිටි බලකා 11ක හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘති ආරම්භ කරන ලදී.
කැබිතිගොල්ලෑව, වැලිඔය, මහනුවර, මුලතිව්, ගෝමරන්කඩවල හා වව්නියාව බලකායන්හි අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති අතර, බලකා අණදෙන නිලධාරින්ගේ හා හරිතාගාර මිරිස් ව්‍යාපෘති භාර සිවිල් ආරක්ෂක සාමාජික සාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම මත අමුමිරිස් කිලෝ 65900 අස්වැන්නක් වෙළඳපොළට ලබා දී රුපියල් මිලියන 17ක ආදායමක් උපයා ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී, යූඑස්පී, එම්බීඒ (එක්සත් රාජධානිය), එන්ඩීසී (ඉන්දියාව), පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 16 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සුභ මොහොතින් නව තනතුරේ රාජකාරී භාර ගන්නා ලදි.
1968 සැප්තැම්බර් මස 14 වන දින උපත ලද එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 19 වන කැඩෙට් පාඨමාලාව සඳහා 1988 මැයි මස 17 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්විය. දියතලාව සටන් පුහුණු පාසලන් මූලික සටන් පුහුණු පාඨමාලාව අවසන් කර, ඉන් අනතුරුව මූලික පරිපාලන පාඨමාලාව සහ උසස් පරිපාලන පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරායේ දී සම්පූර්ණ කර 1990 මැයි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියකු වශයෙන් අධිකාරියට පත්වී 2020 අප්‍රේල් 15 වන දින එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කරන ලදී.
එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල තම සේවා කාලය තුළ දී දිවයිනේ ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල විවිධ රාජකාරින් ඉටු කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවල රාජකාරි කටයුතු සිදුකරන ලදි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ධූරය දැරීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරන ලදී.
දක්ෂ ක්‍රීඩා කෞෂල්යතාවයකින් හෙබි එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ජාතික මට්මමේ ක්‍රීඩා කළමණාකරණ පත්වීම් රැසක් හෙබවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ හා විදේශයන්හිදී විශේෂ පාඨමාලා හදාරා ඇති එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල විශිෂ්ඨ හා ආදාර්ශමත් නිලධාරියෙකු ලෙස තම රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, දීර්ඝ සේවා කණ්ඩය, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම් වලින් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
නව අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරනු ලැබූ සේවය ඇගයීමට ලක් කළ අතර, තව දුරටත් ඔවුන්ගේ සේවාවන් නිසි පරිදි ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දී වෘත්තීය හැකියාවන් වැඩි දියුණුකර විනිවිධ භාවයකින් යුතුව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ 7 වන සභාපතිනිය ලෙස දිළිණි කෝදාගොඩ මහත්මිය 2023 අගෝස්තු මස 21 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සුභ මොහොතින් නව තනතුරේ වැඩ භාර ගන්නා ලදි.
ඉන් අනතුරුව, සේවා වනිතා ඒකකය මගින් සිදු කළ සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් හා ඉදිරියේදී සිදු කිරීමට නියමිත සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් සේවා වනිතා ඒකකයේ නිළධාරි මඩුල්ල සමඟ සාකච්ඡා කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යල කන්නයේ වී අස්වනු නෙලීම සේරුවිල, වැලිඔය හා විශ්වමඩු බලකා මේ වන විට ආරම්භ කර ඇති අතර අක්කර 3315 සම්බා, නාඩු, රතු නාඩු, ආදී වී වගාවන්හි අස්වනු නෙලීමට නියමිතය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහා අවශ්‍ය බීජ වී ලබා ගැනීම සදහා ස්වයං බීජ නිපදවීම වෙනුවෙන් සේරුවිල, වැලිඔය, වව්නියාව හා විශ්වමඩු බලකා මගින් අක්කර 72 ක ප්‍රමාණයක් බීජ වී වගා කර ඇත.