සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡාවක් 2023 අප්‍රේල් මස 19 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.
මෙහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, වගකීම් හා ඉදිරි දැක්ම ඇතුළු වී වගාව ප්රමුඛ කර ගනිමින් පත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘති, වෙනත් ව්‍යාපෘති, ඉදිකිරීම් රාජකාරී, නඩත්තු රාජකාරි, රාජ්‍ය ආයතන ආරක්ෂක සේවා රාජකාරී, විදුලි වැට ඉදිකිරීමේ රාජකාරී, නර්තන සහ සංගීත කණ්ඩායම් ආදියෙහි සේවාවන් ලබා දීම ආදී සේවාවන් මගින් රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා ලබා දෙන්න වූ සුවිශේෂී දායකත්වය පිළිබඳව අධ්යක්ෂ ජනරාල් හා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සමඟ ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා සාකච්ඡා කරන ලදී.
රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිදුකරන්නාවූ සේවාව පිළිබඳව ප්‍රසංශා කළ ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒම සඳහා උරදී ක්‍රියාකරන සියලුම නිලධාරින් හා සාමාජික සාමජිකාවන් ද ඇගයීමට ලක් කරන ලදී.
සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කළ කොවුල් අසිරිය බක්මහ උළෙල හා සේවා වනිතා අවුරුදු පොළ 2023 අප්‍රේල් මස 11 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ප්‍රදානත්වයෙන්, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
රබන් ගැසීම, කණාමුට්ටි බිදීම, බනිස් කෑම, ලොකුම බැළුනය පිම්බීම, පොල්අතු විවීම, සීපද ගායනය, පොල් ගෑමේ තරඟය, විවිධ ඇදුම් තරඟය, බක්මහ කුමරිය හා කුමරා තේරිමේ තරඟය ඇතුළු අවුරුදු ක්‍රීඩා හා සංස්කෘතික අංග රැසකින් කොවුල් අසිරිය බක්මහ උළෙල වර්ණවත් විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතීන්හි නිෂ්පාදිත සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, එළවළු, පළතුරු වැනි කෘෂි නිෂ්පාදන හා අත්කම් භාණ්ඩ ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය ආදිය සේවා වනිතා අවුරුදු පොළහි සහන මිලට අලෙවි කළ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රවිධ හමුදා, පොලිස් නිලධාරින්, සිවිල් කාර්ය මණ්ඩල නිලධාරින් ඇතුළු මූලස්ථානයේ රාජකාරී කරන සියලුම අයවළුන් සහභාගී විය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් අමතමින් “සියවසකට පියවරක්” යන තේමාව යටතේ ඉදිරි විසිපස් වසර සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට අනුගත වෙමින් පැවරෙන සියලුම වගකීම් කැපවීමෙන් හා හැකි උපරිම අයුරින් ඉටු කිරීමටත්, රටේ සංවර්ධනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාව කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් දැනුවත් කරමින් පවත්වන ලද කථාවේ සජීවි විකාශය.
රියර් අදිමිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රා) ආර්එස්පී, යූඑස්පී, එන්ඩීයූ, පීඑස්සී 2023 අප්‍රේල් මස 10 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අතිරේක අධ්යක්ෂ ජනරාල් වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 කට අධික කාලයක් කීර්තිමත් සේවයක් කළ රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ හමුවීමෙන් අනතුරුව අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් ඇතුළු මාණ්ඩලික නිලධාරින් සමඟ දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා 2023 මාර්තු මස 24 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
මූලස්ථානයට සපැමිණි ප්‍රභූවරුන් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් පිළිගත් අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා ඉදිරි දැක්ම පිළිබඳව අධ්යක්ෂ ජනරාල්තුමා හා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මූලස්ථාන පරිශ්‍රයේ රාජකාරි කටයුතු ද නිරික්ෂණය කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශ සහ ජනාධිපති කාර්ය මාණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මැතිතුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් අමතමින් “සියවසකට පියවරක්” යන තේමාව යටතේ ඉදිරි විසිපස් වසර සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රවේශයට අනුගත වෙමින් පැවරෙන සියලුම වගකීම් කැපවීමෙන් හා හැකි උපරිම අයුරින් ඉටු කිරීමටත්, රටේ සංවර්ධනය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාව කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගනිමින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදී.
මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් සමරු සටහනක් සහ සමූහ ඡායාරූපයකට පෙනි සිටිමින් සංචාරය අවසන් කරන ලදී.