සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 17 වන දින කැබිතිගොල්ලැව බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කැබිතිගොල්ලෑව බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජගත් දිසානායක විසින් අධ්යක්ෂ ජනරාල් තුමා පිළිගැනීමෙන් අනතුරුව ක්‍රියාන්විතයේදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා කැබිතිගොල්ලෑව බලකාය මගින් අභිනවයෙන් ඉදිකල බුදුමැදුර බලකා සාමාජික සාමාජිකාවන්ගේ ආගමික කටයුතු සඳහා නිරාවරණය කරන ලදී.
ඉන් අනතුරුව අධ්යක්ෂ ජනරාල් තුමා කැබැතිගොල්ලෑව බලකායේ සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ දායකත්වය හැකි උපරිම අයුරින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ලබාදෙන මෙන් උපදෙස් දුන් අතර, ඉදිගොල්ලෑව සහ කහටගොල්ලෑව ප්‍රදේශයන්හි පවත්වාගෙන යනු ලබන හරිත මිරිස් ව්‍යාපෘති ද නිරීක්ෂණය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ සෘජු අධීක්ෂණය මත ක්‍රියාත්මක කරනු ලබන සේවාවනිතා නිවාස ව්‍යාපෘතිය යටතේ කැබිතිගොල්ලෑව බලකා මගින් ඉදිකල නිවාස තුනක් අධ්යක්ෂ ජනාරාල් තුමා විසින් විවෘත කර නිවාස හිමිකරුවන් වෙත ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායක, කැබිතිගොල්ලෑව බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජගත් දිසානායක, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2022 නොවැම්බර් මස 16 වන දින හොරොව්පොතාන බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි කර්නල් අවිශ්ක බස්නායක විසින් අධ්යක්ෂ ජනරාල් තුමාව පිළිගත් අතර අධ්යක්ෂ ජනරාල්තුමා විසින් කඳවුරු භූමියේ පැළයක් රෝපනය කිරීමෙන් අනතුරුව බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ දායකත්වය හැකි උපරිම අයුරින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ලබාදෙන මෙන් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව සුභසාධක වෙළඳ සංකීර්ණයේ පවත්වාගෙන යනු ලබන කරණවෑමිහල හා මැහුම්හල නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව වාගොල්ලාකඩවල අනුකලාපයේ බඩඉරිඟු ව්‍යාපෘතිය ද නිරීක්ෂණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායක, හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි කර්නල් අවිශ්ක බස්නායක, සේවාවනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ද සහභාගී විය.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා 2022 නොවැම්බර් මස 10 වන දින මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා විසින් ආරක්ෂක ලේකම්තුමාව පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තු කඳවුරු මුරය හා සම්මාන මුරය පිළිගන්වන ලද අතර ආරක්ෂක ලේකම්තුමා විසින් මෙම සංචාරය සනිටුහන් කිරීම සඳහා පැළයක් රෝපණය කළේය.
ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා විසින් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරුන් හා සියලුම බලකා / පුහුණු පාසල් අණදෙන නිලධාරින් සමඟ දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය හා ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
ඉන් අනතුරුව ආරක්ෂක ලේකම්තුමා, ත්‍රස්තවාදී යුධ සමයේදී මායිම් ගම්මාන ආරක්ෂා කරමින් හා ත්‍රිවිධ හමුදාව විසින් මුදවාගන්නා ලද ගම්මාන ආරක්ෂා කරමින් දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් දිවිහිමියෙන් ඉටුකරන ලද සුවිශේෂී සේවාව කෘතගුණ පූර්වකව සිහිපත් කරන ලදී.
වර්ථමානයේ වී වගාව ප්රමුඛ කර ගනිමින් කෘෂි ව්‍යාපෘති හා වෙනත් ව්‍යාපෘතින් මගින් මෙන්ම ඉදිකිරීම් සහ නඩත්තු රාජකාරි, ආරක්ෂක සේවා හා නර්තන, සංගීත කණ්ඩායම් ආදියෙහි සේවාවන් ලබාදීම මගින් රටේ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා මහඟු මෙහෙවරක් ඉටුකරමින් ලබා දෙන්නා වූ දායකත්වය මෙන්ම වත්මන් වැඩ පිළිවෙල ඉතා අගය කරන ලද අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒමට උරදී ක්‍රියාකරන එහි වත්මන් නායකත්වය ඇතුළුව සියලුම නිලධාරින් හා භට / භටවරියන් ද ඇගයීමට ලක් කරන ලදී.
තවදුරටත් මෙම දෙපාර්තමේන්තුවේ සේවය රටේ ආර්ථිකය හා සංවර්ධනය උදෙසා ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට සිවිල් ආරක්ෂක භට / භටවරියන් අමතා ප්‍රකාශ කරන ලදී.
2022 නොවැම්බර් මස 15 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමා අනුරාධපුර බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අනුරාධපුර බලකා සාමාජික සාමාජිකාවන් අමතා දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් තම රාජකාරින් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් අධ්යක්ෂ ජනරාල් තුමා අනුරාධපුර බලකාය මගින් පවත්වාගෙන යනු ලබන මැදවච්චිය කුළුබඩු ව්‍යාපෘතිය, පරණහල්මිල්ලෑව කාබනික පොහොර ව්‍යාපෘතිය, පෙරියකුලම ආහාර විජලනය කිරීමේ මධ්‍යස්ථානය, සිංහල බෙහෙත් ඖෂධ එකතු කිරීමේ ව්‍යාපෘතිය හා මරදම්මඩුව සරුසාර ගොවිපල සහ තිරසාර ගොවිපල නිරීක්ෂණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායක, අනුරාධපුර බලකා අණදෙන නිලධාරි කර්නල් හර්ෂ ප්‍රේමරත්න, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත සිල්වා සහ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 16 වන සංවත්සරටය සමගාමිව කැබිතිගොල්ලෑව භාතියගිරි ආරණ්‍ය සේනාශයේ පුරාණ චෛත්‍ය රාජයාණන්වහන්සේ වන්දනාමාන කිරිමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සලසා ගැනීම සඳහා මාර්ගය ඉදිකිරීම අධ්යක්ෂ ජනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි කැබිතිගොල්ලෑව අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජගත් දිසානායකගේ නායකත්වය මත කැබිතිගොල්ලෑව බලකායේ සමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලදී.
භාතියගිරි ආරණ්‍ය සේනාශයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඡායනයක් පවත්වා මෙම මාර්ගය සඟසතුකොට පූජාකිරීම සිදුකල අතර පුන්යෝත්සවය සඳහා සහභාගී වූ 1500කට ආසන් බැතිමතුන් උදෙසා රාත්‍රි ආහාර වෙනුවෙන් දන්සලක් පවත්වන ලදි.
පසුදින තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් හට පිං අනුමෝදම් කිරීම, රණක්ෂිතයට පත් සිවිල් ආරක්ෂක සාමාජික සමාජිකවන් වෙත සෙත් ප්‍රාර්ථනා කිරීම හා මාර්ගය ඉදිකිරීම සඳහා ශ්‍රම දායකත්වය ලබා දුන් සියළුදෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් හතලිස් නමකට ආසන්න මහා සංඝරත්නය විෂයෙහි අෂ්ඨ පරිෂ්කාර හා සෙසු පිරිකර සහිත සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදී.