සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුවේ උහන බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රුවන් ද සිල්වාගේ මඟපෙන්වීම මත ලේ දන්දීමේ වැඩසටහනක් මධ්‍යම කඳවුර වීරගොඩ අංක 18 ශ්‍රී වජිරාරාම විහාරස්ථානයේදී පසුගියදා සිදුකරන ලදී.
මේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උහන බලකායේ සමාජික සාමාජිකාවන් සහ ප්‍රදේශවාසීන් විසින් රුධිර පරිත්‍යාග කිරීම සිදු කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ සම්බන්ධීකරණ හා මඟ පෙන්වීම යටතේ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් මහඔය ප්‍රදේශයේ පෙර පාසල් දුවා දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය මගින් නිල්ඔබ - විරුමුතු පෙර පාසල ඉදිකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි මහඔය බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අනුරුද්ධ ගුණතිලකගේ ආරාධනයෙන් මහඔය ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2022 ඔක්තෝම්බර් මස 18 වන දින පෙර පාසල් ගොඩනැගිල්ල නිල්ඔබ ප්‍රදේශයේ දු පුතුන්ගේ මුල් ළමාවිය සංවර්ධන කිරීම වෙනුවෙන් විවෘත කර ප්රදානය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ මඟපෙන්වීමකට අනුව දෙපාර්තමේන්තුවේ රාජකාරි වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ලබාගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නියාමකයින් වෙනුවෙන් පරිපාලන හා කළමණාකරන දැනුම වැඩි දියුණු කීරිමට අධ්යක්ෂ පුහුණු ලුතිනන් කර්නල් චම්ලි රත්නායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ “බලකා පරිපාලනය පිළිබඳව සංස්කරණ” පාඨමාලාවක් 2022 සැප්තැම්බර් මස 26 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේදී අධ්යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙයට සමගාමීව පහළලන්ද, ගල්කිරියාගම පුහුණු පාසල් වලද ජ්‍යෙෂ්ඨ නියාමක/නියාමකවරියන් 320 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පාඨමාලාව ආරම්භ කළ අතර රාජකාරි පිළිවෙත් හා පරිපාලන කළමණාකරන දැනුම වර්ධනය කිරීම, සියළුම පෙළපාලි හා සම්මාන මුර පිළිබඳව දැනුවත් කිරීම සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම ආදී විෂයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ සහ බාහිර ප්‍රවීණ උපදේශකයින්ගේ දායකත්වයෙන් පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේ පාඨමාලාව ආරම්භක අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මැතිතුමා, අධ්යක්ෂ පුහුණු ඇතුළු සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සජීව ජයසේකර ද සහභාගී විය.
2022 ඔක්තෝම්බර් මස 06 වන දින සේරුපිට, පහළලන්ද හා ගල්කිරියාගම පුහුණු පාසල්වලදී “බලකා පරිපාලනය පිළිබඳ සංස්කරණ” පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජ්‍යෙෂ්ඨ නියාමක/නියාමකවරියන් 320 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කරන ලදී.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මැතිතුමාගේ සහ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් සජීව ජයසේකරගේ සහභාගීත්වයෙන් සේරුපිට පුහුණු පාසලේදී ජ්‍යෙෂ්ඨ නියාමක/නියාමකවරියන් 47 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කරන ලදී.
ජ්‍යෙෂ්ඨ නියාමක/නියාමකවරියන් 139 දෙනෙකු සඳහා සහතිකපත් ප්රදානය කිරීම අධ්යක්ෂ පුහුණු ලුතිතන් කර්නල් චම්ලි රත්නායකගේ ප්‍රධානත්වයෙන් අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් දායන් පත්මකුමාරගේ සහභාගිත්වයෙන් අම්පාර පහළලන්ද පුහුණු පාසලේදී සිදුකරන ලදී.
ගල්කිරියාගම පුහුණු පාසලේදී ජ්‍යෙෂ්ඨ නියාමක/නියාමකවරියන් 134 සඳහා අනුරාධපුර බලකා අණදෙන නිළධාරි කර්නල් හර්ෂ ප්‍රේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් හා ගල්කිරියාගම පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රෝහණ තාරුකාරත්නගේ සහභාගීත්වයෙන් සහතිකපත් ප්රදානය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි දෙපාර්තමේන්තු 16 වන සංවත්සරයට සමගාමීව සියලුම බලකා මූලස්ථාන මගින් ආගමික වතාවත්, සමාජ සත්කාරක වැඩසටහන් සහ විවිධ උත්සව පවත්වන්නට යෙදුණි.
ත්‍රිකුණාමලය බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බන්දුල රත්නායකගේ මඟපෙන්වීම මත අටවිසි බුද්ධවන්දනා වැඩසටහන් හා ආශිර්වාද බෝධි පූජාවන් කන්තලේ මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානයේදී හා ගල්පොකුණ රජමහා විහාරස්ථානයේදී පවත්වන ලදී.
බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් අනුරුද්ධ ගුණතිලකගේ අධික්ෂණය යටතේ මහඔය බලකායේ සාමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මහඔය මූලික රෝහල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් හා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පිරිත් දේශනාවක් පවත්වා දහවල් දානමය පිංකමක් පවත්වන ලදී.
මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රංජිත් කරුණාරත්නගේ ඉල්ලීම පරිදි පොල් වගා මණ්ඩලයේ මාතලේ කළමණාකරු වසන්ත පමුණුගේ, ස්ථානභාර නිලධාරි පසිඳු ශීවන්ත හා බලගොල්ල ග්‍රාම නිලධාරි විරසිංහ යන මහත්වරුන්ගේ දායකත්වයෙන් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ට සහ මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොල් පැළ 500ක් ප්රදානය කිරීම සහ සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති නුවරඑළිය කටුමාන ශ්‍රී සීතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන ස්වාමීන්වහන්සේගේ මඟපෙන්වීම මත පූජ්‍ය වැල්ගිරිය සුමංගල ස්වාමීන්වහන්සේ විසින් මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 30ක් සඳහා වියළි සළාක ප්රදානය කිරීමද මෙහිදී සිදුකරන ලදී.
මොණරාගල බලකාය මගින් පොකුණුගල රජමහා විහාරස්ථාන භූමිය පිරිසිදුකර දාන ශාලාවේ දිරාපත් වූ වහලය පිළිසකර කිරීම හා පිළිසරණ වැඩිහිටි නිවාසය අවට පිරිසිදු කිරීමෙන් අනතුරුව වැඩිහිටියන් වෙත දිවා ආහාරය පිළිගැන්වීම බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ධම්මික මොරවැටියේගෙදර නිලධාරි සහ සමාජික සාමාජිකාවන් විසින් සිදුකරන ලදී.
ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථාන භූමිය ශුද්ධ පවිත්‍ර කිරීමෙන් අනතුරුව වෙන්නවත්ත බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් චමින්ද කමලසිරි ඇතුළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විය.
සේරුවිල බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් උපුල් අබේරත්නගේ මඟපෙන්වීම මත අනුකලාප කාර්යාල ප්‍රදේශයන්ට අයත් විහාරස්ථාන පිරිසිදු කර බෝධි පූජාවක් පැවැත්වූ අතර සේරුවිල බලකා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්නට යෙදුණි.
හොරොව්පොතාන බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අවිශ්ක බස්නායකගේ අධීක්ෂණය මත මොරකෑව මහා විද්‍යාලය සහ රජයේ රෝහල් භූමිය පිරිසිදු කිරීම හා බලකා මූලස්ථාන කාර්යාලයේදී ධර්ම දේශනයක් පවත්වන ලදී.
වැලිඔය බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් නන්දන විජේසිංහගේ මූලිකත්වයෙන් පදවිය, ශ්‍රී පුර, මහසෙන්පුර රෝහල් හා කිරිඉබ්බන්වැව මෙහෙණි ආරණ්‍ය පරිශ්‍රයන්හි පිරිසිදු කිරීමේ ශ්‍රමදාන පවත්වා වැලිඔය බලකා මූලස්ථාන බොමළුව අසලදී ආශිර්වාද බෝධි පූජාවක් පැවැත්විය.
විශ්වමඩු බලකා අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් සම්පත් සේනානායකගේ මූලිකත්වයෙන් පූලියන් පොක්කනෛයි නාගත්බීරාන් කොවිලේදී හින්දු ආගමික වතාවත් පවත්වන ලදී.