1984 දී බෝර දොළහේ තුවක්කුවත් රැගෙන නිසි නිල ඇඳුමක් රහිතව සිය ගම්බිම් ආරක්ෂා කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ස්වදේශ ආරක්ෂකයින් 1985 අංක 40 දරණ මිනිස්බල උපයෝගිතා පරිපූරක හමුදා පනතේ 52 වගන්තිය මගින් ශ්‍රී ලංකා පොලිසියට සහායවීම සඳහා පරිපූරක හමුදාවක් ලෙස පිහිටුවන ලද “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ ප්‍රතිසංවිධානය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ “16 වන සැමරුම් උත්සවය” අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ සහභාගීත්වයෙන් 2022 සැප්තැම්බර් මස 13 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පවත්වන්නට යෙදුණි.
සම්මාන මුරය පිළිගන්වා අධ්යක්ෂ ජනරාල්තුමා පිළිගැනීමෙන් අනතුරුව බෞද්ධ ආගමික වතාවත් පදරංගල සමිත ස්වාමීන්වහන්සේ විසින් පවත්වන ලදි. ඉන් අනතුරුව දෙපාර්තමේන්තු දිනය වෙනුවෙන් සියලුම නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් ඇමතීම අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරන ලදී.
ශ්‍රී ලංකා යුධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය මගින් නිර්මාණය කරන ලද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ තොරතුරු ඇතුළත් මානව සම්පත් කළමණාකරණ පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජීඑල්එස්ඩබ් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලදී.
මානව සම්පත් බලගැන්වීමේ සහ මනෝවිද්‍යා උපදේශීකා, අභිප්‍රේරණය (Motivation) පිළිබඳ හා යෝගා පිළිබඳ උපදේශීකා, වෘත්තීය මනෝවිද්‍යා සම්මේලනයේ සාමාජීකා, හරිත දිවිය මනෝ උපදේශණ සේවයේ සහ යෝගා මධ්‍යස්ථානයේ නිර්මාතෘ වසන්ති රාජපක්ෂ මහත්මිය විසින් අභිප්‍රේරණ හා මනෝවිද්‍යා දේශනයක් පවත්වන්නට යෙදුණි.
ඉන් අනතුරුව දීඝවාපිය පුදබිමේ උද්‍යාන අලංකරණය සඳහා රෝපණය කිරීමට අවශ්‍ය නා පැල පුජා කිරීම අධ්යක්ෂ ජනරාල් තුමා විසින් සිදු කළ අතර සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ ඉල්ලීම පරිදි ග්‍රේටර් ගිවින් පදනමේ නිර්මාතෘ ඉෂාංකි ගුණසේකර මෙනවිය හා ත්‍රිකුණාමලය කින්යාහි ස්ථාපිත අසිසා පදනමේ සහ හසනාත් අනාථ නිවාසයේ සභාපති සාදීක් හසීම් මහතා විසින් පරිත්‍යාග කරන ලද සහන මලු සහ වියලි ආහාර මලු දෙපාර්තමේන්තු සාමාජික, සාමාජිකාවන් වෙත පරිත්‍යාග කිරීම සිදු කරන ලදී.
අධ්යක්ෂ පුහුණු කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් සහනෝදා පදනමේ සභාපති පූජ්‍ය හපුතලේ පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ හා කොළඹ දිස්ත්‍රික් මහලේකම් ප්‍රදීප් යසරත්න, මොරටුව ප්‍රාදේශිය ලේකම් ඉසංකා උක්වත්ත, ග්‍රීන් ලංකා පැලතවානේ අධිපති එස්කේ බ්රර්නි ලංකා යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් ලබා දුන් එළවළු පැල, බීජ හා කාබනික පොහොර මලු මූලස්ථාන සේවක මණ්ඩලය වෙත බෙදා දෙන ලදී.
සේවා වනිතා ඒකකයේ ඉදිරි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා උප සභාපතිණි මේනකා සේරසිංහ මැතිණිය ඇතුළු සේවා වනිතා කමිටු සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සේවා වනිතා කාරක සභා රැස්වීම පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට වසර 16 ක් පිරීම නිමිත්තෙන් 2022 සැප්තැම්බර් මස 09 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ පිරිස් පාලන කර්නල් ජනක රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් හා ගිලන්පස බුද්ධ පූජාවක් පවත්වා දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට ආශිර්වාද කිරීම සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් රංජිත් කරුණාරත්න සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් ද සහභාගී විය.
2022 අගෝස්තු මස 27 සහ 28 දෙදින තුළ මහනුවර බෝගම්බර යෙදුණු 11 වන මධ්‍යම පළාත් (විවෘත) ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රන් පදක්කම් 51ක් හා රිදී පදක්කම් 39 සමඟින් සමස්ථ තරඟාවලියේ කාන්තා අනු ශූරතාවය දිනා ගන්නා ලදී.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා භාර නිලධාරි පොලිස් පරික්ෂක අයිඩබ්එස් බන්දුල සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 86 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ අතර, කාන්තා මීටර් 800 ධාවන තරඟය, කාන්තා මීටර් 1500 ධාවන තරඟය, කාන්තා මිටිය විසිකිරීම හා කාන්තා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වලදී නව තරඟ වාර්තා හතරක් පිහිටුවීමට සිවිල් ආරක්ෂක ක්‍රීඩිකාවන් සමත් විය.
මෙහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් උදේනි සේරසිංහ මැතිතුමා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගන්වමින් උපදෙස් ලබා දී සුභාශිංෂණ ද එක් කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර 16 ක් පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිනය සැමරීම 2022 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති බැවින්, එයට සමගාමීව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ පාලන බ්‍රිගේඩියර් විජිත වීරක්කොඩිගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 08 වන දින මොරටුව රාවතාවත්ත සුරතාවියන්ගේ රාජේශ්වරී දේවස්ථානයේදී පවත්වන්නට යෙදුනි.
මෙම අවස්ථාවේදී දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන්ට සෙත් පැතීම ගරු ටෙරන්ස් පියතුමා විසින් සිදුකල අතර මූලස්ථාන අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කමල් දයාප්‍රිය ඇතුළු නිලධාරින් සහභාගීවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමා 2022 අගෝස්තු මස 19 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 08 වන විධායක ජනාධිපති ලෙස අභිනවයෙන් පත් වූ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හමුවී සුභාශිංෂණ එක් කළේය.
එහිදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව රටේ ආර්ථික හා සමාජයීය ප්‍රගමණය උදෙසා තම දැක්ම හා මෙහෙවර මත පදනම් වී ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ගරු ජනාධිපතිතුමාව දැනුවත් කළ අතර දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම හමුවීම සනිටුහන් කිරීම උදෙසා අධ්යක්ෂ ජනරාල්තුමන් විසින් ගරු ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්රදානය කිරීමද සිදු කරන ලදී.