නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතාගේ ඉල්ලීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් තුමාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නියෝජ්‍ය අධ්‍යක්ෂක ඉදිකිරිම් මේජර් ඒ වර්ණකුලසූරියගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයිනගේ ඉදිකිරීම් ශ්‍රම දායකත්වයෙන් නැගෙනහිර කොළඹ මුලික රෝහලේ අභිනවයෙන් ඉදිකරන ලද භෞතික චිකිත්සක ඒකකය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මැතිතුමන් විසින් 2022 අගෝස්තු මස 01 වන දින විවෘත කර ජාතික සෞඛ්‍ය සේවාව වෙත භාරදීම සිදු කරන ලදි.
ගල්කිස්ස මුහුදු තීරයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ජීවිතාරක්ෂක සේවා මධ්‍යස්ථානය අසල දී මුහුදේ දිය නෑමේදී දිය අනතුරකට ලක් වූ තරුණ ජිවිතයක් බේරා ගන්නා ලදී.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය හදාරණ කොළොන්නාව, කැප්පෙටිපොළ මාවතේ පදිංචි මොහොමඩ් නෂීර් මුෂ්තකීම් යන අය මෙසේ අනතුරට පත්වූ අතර, එම අවස්ථාවේ රාජකාරී යොදවා සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පිහිණුම් හා ජීවිතාරක්ෂක කණ්ඩයේ කේජේ ඉද්දමල්ගොඩ (ත්‍රිකුණාමලය බලකාය) හා පීඑල්එම් ප්‍රේමරත්න (විල්පත්තුව බලකාය) යන අය විසින් තම ජීවිතය පරදුවට තබා එම තරුණ ජීවිතය බේරා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි ගෝමරන්කඩවල බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඒඅයි හෙට්ටිආරච්චිගේ මඟ පෙන්වීම මත ගෝමරන්කඩවල බලකා ප්‍රදේශයට අයත් පාසල්, පෙර පාසල්, තිරියාය ආර්යුවේද මධ්‍යස්ථානය, විහාරස්ථාන, රජයේ රෝහල් හා ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය ආදී ස්ථානයන්හි මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සතියක කාලයක් පුරා පවත්වන්නට යෙදුණි.
ගෝමරන්කඩවල ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරින්ගේ හා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජික සමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සත්කාරය සිදුකරන ලදී.
අනුරාධපුර යකාවැව මහා විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනේදී අනුරාධපුර බලකා මූලස්ථානයේ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 35 දෙනෙකු 2022 ජුනි මස 25 වන දින ලේ පරිත්‍යාග කිරීම සඳහා දායකත්වය ලබා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර බලකා අණදෙන නිලධාරි කර්නල් එම්ඒඑච්ඩබ් ප්‍රේමචන්ද්‍රගේ ඉල්ලීම පරිදි මැදවච්චිය ගොවිජන සේවා කාර්යාලයේ සහයෝගයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් වෙනුවෙන් කෘෂි උපදේශන වැඩසටහනක් පෙරියකුලම අනුකලාපයේදී පසුගිය දා පවත්වන ලදී.
මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවි උපදේශිකා එච්පීඑස් නිරෝෂනී මහත්මිය විසින් මෙම වැඩසටහන මෙහෙය වූ අතර ප්රතිඵලදායී අස්වැන්නක් ලබා ගැනීම සඳහා කෘෂි බෝග වගා කිරීම හා පළතුරු පැළ බද්ධ කිරීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් දැනුවත් කිරීම සිදුකරන ලදී.