News Highlights
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි මස 14 වන දින කිළිනොච්චි සහ විශ්වමඩු බලකායන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.
මෙම නිල සංචාරයේදී, සේවා වනිතා ඒකකයේ මඟපෙන්වීම සහ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් කිළිනොච්චි බලකායට අයත් එෆ් 037896 අකිලන් සුභාෂිනී භටවරියගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කිළිනොච්චිය බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් වීඅයිඩබ් ගීකියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් එම බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් යාපනය කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස භාරදීම අධ්යක්ෂ ජනරාල් සමඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.
එමෙන්ම විශ්වමඩු බලකා අණදෙන නිලධාරි යූජීඒකේඑස්සී සෝමපාල යුඑස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ නිවස විශ්වමඩු බලකායට අයත් සිවිල් ආරක්ෂක එම් 034725 එන් සංමුගරාසාගේ පවුලේ සාමාජිකයින් වෙත පවරා දීම අධ්යක්ෂ ජනරාල්ගේ නිල සංචාරය අතරතුරදී සිදුකරනු ලැබිණි.
විශ්වමඩු බලකාය විසින් පවත්වාගෙන යනු ලබන කොහු ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම හා කිළිනොච්චි, මුලතිව්, විශ්වමඩු බලකායන්ට අයත් සාමාජික සාමාජිකාවන් ඇමතූ අධ්යක්ෂ ජනරාල් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි ප්රගමනය හා කාර්යය භාරය වෙනුවෙන් ඉටුකල යුතු රාජකාරි හා වගකීම් සම්බන්ධයෙන් භට පිරිස දැනුවත් කළ අතර එහිදි එම බලකායන්ට අයත් සාමජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙත අභ්‍යාස පොත් ප්‍රදානයන් ද සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් එච්ඒඩීඑම් සරත්චන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.
- Details
සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳව දැනුම අවබෝධය ලබා දීම සඳහා තොරාගත් සිවිල් ආරක්ෂක සාමාජිකයින් 75 දෙනකු වෙනුවෙන් 2024 ජනවාරි මස 03 වන දින සේරුපිට පුහුණු පාසලේදී ආරම්භ කළ සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තු පොලිස් පුහුණු පාඨමාලාවේ (පළමු අදියර) විසිරයාමේ පෙළපාලිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 12 වන දින සේරුපිට පුහුණු පාසලේදී පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්ගේ සංකල්පයකට හා මඟපෙන්වීම අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේහි ගරුත්වය හා ප්‍රතිරූපය තවදුරටත් නගා සිටුවීම සඳහා සේවයේ යෙදී සිටින සාමාජික/ සාමාජිකාවන් වෙතින් සිදුවන විනය විරෝධීක්‍රියා හා අක්‍රමිකතා මඟහරවා ගැනීමේ අරමුණ පෙරදැරිව අභිමානවත් විනයගරුක සිවිල් ආරක්ෂක සාමාජිකයෙකු බිහි කිරීම තුලින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් අංශය ස්ථාපිත කරන ලදී.
පාඨමාලාව තුළදී සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම වෙනුවෙන් නිල ඇදුම් රෙගුලාසි, ආචාර විධි, උත්සව විධි, චාරිත්‍රාණුකූල රාජකාරි, ලිපි ලේඛණ පරීක්ෂා කිරීම, ආයතන සංග්‍රහය සහ නිවාඩු ප්‍රතිපත්ති, මානව හිමිකම් ගැටළු, මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ හඳුනා ගැනීම, නිවැරදි පරීක්ෂාවන් සිදුකරන ආකාරයන්, සිවිල් නීතිය, බුද්ධි තොරතුරු රැස් කිරීම, රාජ්‍ය ආයතනයන්හි රාජකාරි ස්වභාවය, මුදල් රෙගුලාසි හා මුදල් පරිහරණය කිරීමේ පිළිවෙත්, ව්‍යාපෘතින් පවත්වාගෙනයෑමේ ක්‍රමවේදයන් සහ ඉහත විෂයන් සම්බන්ධයෙන් නඩත්තු කළයුතු ලිපි ලේඛණ පිළිබදව දැනුම හා සමාජ මාධ්‍ය ජාලා භාවිතය ආදි කරුණු ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදී.
පාඨමාලාවේ කාර්යක්ෂම සාමාජිකාව වශයෙන් කතරගම බලකායේ කාන්තා ජ්‍යෙෂ්ඨ නියාමක එෆ් 014502 එස්ඩීකේ ජයමිණි හා කාර්යක්ෂම සාමාජිකයා මහනුවර බලකායේ උප නියාමක එම් 022345 එම්එම්ජීඑස් හේරත් විසින් සහතික හිමි කර ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි අතුළු සිවිල් ආරක්ෂක සාමාජිකයින් සහ පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් සාමාජිකයින්ගේ ඥාතීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
- Details
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්ගේ සංකල්පයකට හා මඟපෙන්වීම අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේහි ගරුත්වය හා ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා සේවයේ යෙදී සිටින සාමාජික/ සාමාජිකාවන් වෙතින් සිදුවන විනය විරෝධීක්‍රියා හා අක්‍රමිකතා මඟහරවා ගැනීමේ අරමුණ පෙරදැරිව සහ විනය විරෝධී හා අක්‍රමිකතා විමර්ශණය කිරීම සඳහා පෙර පැවති සිවිල් ආරක්ෂක විමර්ශණ ඒකකය ප්‍රතිව්‍යුහගත කර පිහිටුවන ලද විශේෂ විමර්ශණ එකකය සඳහා වූ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විශේෂ විමර්ශණ එකකයේ අණභාර නිලධාරි කපිතාන් එන්සීපීඑන් නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන්, 2023 දෙසැම්බර් මස 21 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කොට නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබා දීම තුලින් විනය කඩකරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් රාජකාරිමය කටයුතු සිදුකිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගනිමින්, අභිමානවත් විනයගරුක සිවිල් ආරක්ෂක සාමාජිකයෙකු බිහි කිරීම තුලින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙම පොලිස් ඒකකය ස්ථාපිත කරන ලදී. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් හා මාණ්ඩලික නිලධාරින් අතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නව විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් සාමාජිකයින් දිවයින පුරා විහිදී ඇති බලකා / පුහුණු පාසල් වෙත අනුයුක්ත කර බලකායන්හි රාජකාරි සිදුකිරීමේදී සාමාජිකයින්ගෙන් සිදුවන අක්‍රමිකතා හා විනය විරෝධී ක්‍රියාවන් අවම කර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳව දැනුම අවබෝධය ලබා දීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් 75 දෙනකුගේ සහභාගීත්වයෙන් පොලිස් පුහුණු පාඨමාලාවේ පළමු අදියර 2024 ජනවාරි මස 03 වන දින සේරුපිට පුහුණු පාසලේදී අරම්භ කිරීමට නියමිතව ඇත.
- Details
උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම හා රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමේ උත්සවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 01 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවත්විය.
“සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ අප මාතෘ භූමිය වෙනුවෙන් වත්මන් ජාත්‍යන්තර ප්රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයකට පදනම සැපයීමේ රජයේ ප්රතිපත්තීමය කටයුතු සඳහා හැකි උපරිම අයුරින් දායකත්වය ලබා දීම උදෙසා පැවරුණ රාජකාරින්, වගකීම් සහ කාර්යයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගෞරවයක් ඇති වන අයුරින් තමා වෙත පැවැරෙන රාජකාරි කාර්යක්ෂම සහ ප්රතිඵලදායි ලෙස ඉටු කිරීමට අධිෂ්ඨාන කරගනිමින් නව වසරේ දී රාජකාරි ඉටුකරන ලෙස උපදෙස් ලබාදුන් අධ්යක්ෂ ජනරාල් තුමා ගෙවී ගිය වසර තුළදී දෙපාර්තමේන්තුවේ උන්නතිය හා ප්‍රගතිය වෙනුවෙන් තම රාජකාරින් ඉටු කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික/සාමාජිකාවන් හට ද ස්තූතිය පුද කරන ලදී.
තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමෙහිලා අභීතව සටන් වැද තම ජීවිතය පුද දුන් හා රණක්ෂිතයට පත් වු සියලුම සිවිල් ආරක්ෂක රණවිරුවන් ඉමහත් ගෞරවයෙන් සිහිපත් කළ අධ්යක්ෂ ජනරාල්තුමන් ඔවුන්ගේ පවුල්වල සාමාජික/සාමාජිකාවන් හටද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියුතු සියලු නිලධාරි, සෙසු සාමාජික/සාමාජිකාවන්ට හා සිවිල් සේවක මහත්ම/මහත්මියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික/සාමාජිකාවන් හට සාමය, සතුට සපිරි වාසනාවන්ත සුභ නව වසරක් සඳහා සුභාශිංෂණ එක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සිවිල් මහත්ම/මහත්මියන් අතුළු ත්‍රිවිධ හමුදා පොලිස් සෙසු නිලයන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ රාජකාරි කරන සියලු සාමාජික/ සමාජිකවන් සහභාගී වන ලදී.
- Details
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු 33000කට ආසන්න සාමාජික පිරිසකගේ නිල ඇදුම් අවශ්‍යතා සැපයීමේදී නිල ඇදුම් මැසීම වෙනුවෙන් වාර්ෂිකව විශාල පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඒ සඳහා රාජ්‍ය මුදල් වැය වීම අවම කිරීමේ අරමුණ පෙරදැරිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ මඟපෙන්වීමෙන් විල්පත්තු බලකා අණ දෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ එම බලකා සාමාජික සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද නව ඇඟලුම් කර්මාන්ත ශාලාව, විල්පත්තු බලකා අණ දෙන නිලධාරි ලුතිතන් කර්නල් එස්ඩීඩී රසික කුමාර පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරධනයෙන්, 2023 දෙසැම්බර් මස 20 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කොට නිල ඇදුම් නිෂ්පාදනය කිරීමේ කාර්ය නිල වශයෙන් ආරම්භ කරන ලදී.
විල්පත්තු බලකා ඇඟලුම් කම්හල වෙතින් දිනකට අවම වශයෙන් නිල ඇදුම් 100 ක් සහ උපරිම වශයෙන් 110 දක්වා මසා නිම කිරීමේ ධාරිතාවයකින් යුතු අතර, මෙහි සියලුම කළමණාකරන හා මෙහයෙවීමේ කටයුතු සිවිල් ආරක්ෂක සාමාජිකයින් විසින් සිදු කරනු ලබයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ හා අවට බලකා අණ දෙන නිලධාරින් අතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරි රාශියකගේ සහභාගීත්වයෙන් නව ඇඟලුම් කම්හල විවෘත කිරීම හා නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ සමාරම්භක උත්සවය පවත්වන ලදී.
ඉහත වැඩසටහනට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකය විසින් වසර 30කට අධික සේවාකාලයක් සම්පූර්ණ කළ, දැනට විශ්‍රම ලබා ඇති සිවිල් ආරක්ෂක භට ටි 58574 එස් ජයවීර මහතාගේ පවුල වෙනුවෙන්, සේවා වනිතා ඒකකයේ මඟපෙන්වීම සහ මූල්‍ය දායකත්වයෙන් විල්පත්තු බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන්, නිමකළ නව නිවස පවරා දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ගරු උප සභාපතිණි ඩබ්ඩී අයෝනි ප්‍රශංසා වික්‍රමසිංහ මැතිණිය ඇතුළු සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.
මෙම වැඩසටහන තුළදී, විල්පත්තු බලකායේ සේවය කරමින් සිටියදී ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හා ප්‍රහාර වෙනුවෙන් දිවි පිදු සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තු සාමාජිකයි 06 දෙනෙකුට අයත් රණවිරු පවුල්හී යැපෙන්නන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග සමගින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම, සේවයේ නියුතු සාමාජිකයින්ගේ ගැබිනි බිරින්දෑවරුන් හා ගැබිනි භටවරියන් 10 දෙනෙකු වෙනුවෙන් ඉදිරි කාලයේදී අවශ්‍ය භාණ්ඩ ලබා දීම සහ පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් 30 දෙනකු සඳහා අභ්‍යාස පොත් ප්රදානය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය හා අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරන ලදී.
- Details