සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 09 වන දින පොළොන්නරුව බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර එම බලකා සාමාජික සාමාජිකාවන් අමතා දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව පොළොන්නරුව බලකාය මගින් පවත්වාගෙන යනු ලබන අක්කර 187ක මන්කේනි කජු ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘතීන් නිරීක්ෂණය කළ අධ්යක්ෂ ජනරාල් තුමා කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් සොයා බලා කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා පොළොන්නරුව දිසාපති කාර්යාලය මගින් පරිත්‍යාග කළ ඇඹරුම් යන්ත්‍රය නන්ද්රිමිත්ර ගොවිපල වෙත ප්රදානය කළේය.
අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩීජේඑස්එල් පොන්වීර ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ මැදිහත් වීමෙන් කොළඹ හෙරිටේජ් රොටරි සමාජයේ අනුග්‍රාහක දායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් වෙනුවෙන් ජලපෙරණ යන්ත්‍ර පිරිනැමීම සහ පාදයක් අහිමි සාමාජිකයින් සඳහා කෘතිම පාද පිරිනැමීම සිදු කරන ලද අතර, කාබනික පොහොර භාවිතා කරමින් වැඩි අස්වැන්නක් ලබා ගත් කෘෂි ව්යෘපෘතින් භාර සිවිල් ආරක්ෂක සාමාජිකයින් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් ඇගයීමට ලක් කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 08 වන දින මැදිරිගිරිය බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
මැදිරිගිරිය බලකා සාමාජික සාමාජිකාවන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු බුදුමැදුර අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්බීඒයූකේ නිශ්ශංක නිලධාරීගේ ආරාධනයෙන් අධ්යක්ෂ ජනරාල් තුමා විසින් විවෘත කළ අතර, මැදිරිගිරිය බලකා මූලස්ථානයේ හා මැදිරිගිරිය අනු කලාපයේ සාමාජික සාමාජිකාවන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඉදිකෙරුණු සේවා වනිතා සහන සැල ද විවෘත කරන ලදී. එහිදී මැදිරිගිරිය බලකා සාමාජික සාමාජිකාවන් අමතා දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් තම රාජකාරීන් සිදු කරන ලෙස උපදෙස් ලබා දුන් අධ්යක්ෂ ජනරාල් තුමා මැදිරිගිරිය බලකාය මගින් කාබනික පොහොර පමණක් භාවිතා කරමින් පවත්වාගෙන යනු ලබන අක්කර 90ක කෘෂි ව්‍යාපෘතිය, කාබනික පොහොර ව්‍යාපෘතිය, හා අනෙකුත් ව්‍යාපෘතින් නිරීක්ෂණය කළේය.
ඉන් අනතුරුව සෝමාවතිය ඓතිහාසික රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කහමුණේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අධ්යක්ෂ ජනරාල් තුමන් වෙත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් සිදු කරන්නා වූ සේවාව සම්බන්ධයෙන් ආශිර්වාද එක් කළ මහා නායක හිමියන් ඉදිරියටත් එම කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
දිස්ත්‍රික් නිලධාරීන් සඳහා වූ “බලකා පරිපාලනය පිළිබඳව සංස්කරණ පාඨමාලාවේ - පළමු අදියර” සහතිකපත් ප්රදානය කිරීම අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඑන් සේරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු මස 05 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේදී පවත්වන්නට යෙදුණි.
මෙහිදී පාඨමාලාව සාර්ථකව නිමකල දිස්ත්‍රික් නිලධාරීන් 29 දෙනෙකු සඳහා සහතික පත් පිරිනැමීම සිදු කළ අතර, අධ්යක්ෂ පුහුණු සහ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරීද මේ සඳහා සහභාගී විය.
“රටකි, දැයකි, ලොවකි ඇය” යන තේමාව පෙරදැරි කර ගනිමින් මාර්තු 08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ ප්‍රධානත්වයෙන් ලියසවිය නිර්මාතෘ ලියාරා කාන්තා සඟරාවේ ප්‍රධාන කර්තෘ හංසනී හිදැල්ල ආරච්චි මැතිණියගේ මෙහෙවීමෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකාවන් සඳහා විශේෂ වැඩසටහනක් 2022 මාර්තු මස 08 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි.
මෙහිදී බදුල්ල මහ රෝහලේ විශේෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර මැතිතුමා “රැකියාව සහ ජිවිතය” යන මාතෘකාව පෙරදැරි කරගනිමින් ද, බොරැල්ල ද සොයිසා කන්තා රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධ රණවීර මැතිතුමා “කාන්තා සෞඛ්‍ය” සම්බන්ධයෙන් හා කොළඹ විශ්ව විද්‍යාලය හා අනුබද්ධ ජෛව රසායන, අණුක ජෛව විද්‍යා හා ජෛව තාක්ෂණ ආයතනයේ පිළිකා රෝග කාරක පිළිබඳ පර්යේෂක ආචාර්ය සමීර සමරකෝන් මැතිතුමා “පිළිකා සෛල හදුනාගනිමු” යන මාතෘකා යටතේ හරවත් දේශනයන් පැවැත්වූ අතර ඒ සම්බන්ධ ගැටළු සඳහා පිළිතුරු ලබා දෙන ලදී.
ඉන් අනතතුරුව ප්‍රියන්තා දිසානායක මැතිණිය විසින් සාරි බ්ලවුස් මසා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කළ අතර, සිංගර් ආයතනය, මැලිබන් බිස්කට් සමාගම, ෆැඩ්නා සමාගම, සිලෝන් බිස්කට් සමාගම, කූල් ප්ලැනට් ආයතනය හා නෙස්ලේ ලංකා සමාගම ආදී ආයතනවල අනුග්රහාක දායකත්වයෙන් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම සිවිල් ආරක්ෂක සාමාජිකාවන් වෙනුවෙන් දිනුම් ඇදිමකින් රුපියල් ලක්ෂ 02ක් පමණ වටිනා තිලිණ ප්රදානය කිරීමද මෙහිදී සිදු කෙරෙණි.
දීඝවාපිය මහා සෑයේ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත සඳහා වූ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2022 මාර්තු මස 06 වන දින සිදුකරන ලදී.
අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ හිටපු විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ සිව්වන ගුණ සමරුවට සමගාමීව මෙම සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ සම්බෝධි විහාරස්ථානයේ සිට දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රය දක්වා වැඩම කරවන ලදී.
අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, අම්පාර දිසාපතිතුමන්, ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයින් සහ බෞද්ධ බැතිමතුන් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.