දීඝවාපිය මහා සෑයේ සර්වඥ ධාතූන්වහන්සේලා තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාත සඳහා වූ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජනරාල් කමල් ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2022 මාර්තු මස 06 වන දින සිදුකරන ලදී.
අපවත්වී වදාළ ශ්‍රී සම්බෝධි විහාරයේ හිටපු විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමිපාණන්ගේ සිව්වන ගුණ සමරුවට සමගාමීව මෙම සර්වඥ ධාතූන් වහන්සේලා කොළඹ සම්බෝධි විහාරස්ථානයේ සිට දීඝවාපිය චෛත්‍ය පරිශ්‍රය දක්වා වැඩම කරවන ලදී.
අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද, අම්පාර දිසාපතිතුමන්, ප්‍රාදේශීය ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයින් සහ බෞද්ධ බැතිමතුන් මෙම අවස්ථාව සඳහා සහභාගීවිය.
යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ මූලිකත්වය මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදේශකත්වයෙන් කූරගල පූජා භූමියේ ඉදිකිරීම් කටයුතු සඳහා යුධ හමුදා භට පිරිස් සමඟ මෙය කඩිනම් කිරීම උදෙසා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයද මේ වන විට ලබා දී ඇත.
‘යලි පිබිදෙන කූරගල’ මැයින් ආරම්භ කර අවසන් අදියරේ පවතින මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ලෝක වාසී බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ලබා දීමේ මූලික පරමාර්ථය සහිතව ව්‍යාපෘතිය භාර නිලධාරී මේජර් ආර්එස්එම් විජේසිංහ නිලධාරීගේ සෘජු අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයෝ යුධ හමුදා භට පිරිස් සමඟ මේ වන විට කාර්යක්ෂමව හා කැපවීමෙන් මෙම කාර්යයේ නිරත වී සිටිති.
බද්දේගම, සංදරවල, ගනේගම හැඩිදෙමළ කන්ද රත්නගිරි පුරාණ දුටුගැමුණු රාජමහා විහාරාධිපති ගාලු ගඟබඩ පත්තුව, වැල්ලබඩ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මහෝපාද්‍ය ශ්‍රී සරණංකර සුමන නායක හිමිපානන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංකල්පයක් අනුව දායක කාරකාදීන්ගේ ධන පරිත්‍යාගයෙන් දුටුගැමුණු රාජමහා විහාරස්ථානයේ වාහල්කඩ ඉදිකිරීමේ කටයුතු 2022 පෙබරවාරි මස 27 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හා රාජ්‍ය ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
ඉන් අනතුරුව —උපධ්‍යාය˜ පදවියෙන් පිදුම් ලද වැලිවිටියේ ශ්‍රී සුමන නාහිමි වෙත විජිනිපත ප්රදානය කිරීම ගරු ආරක්ෂක ලේකම්තුමාගේ සුරතින් සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පුජ්‍යපාද නාරම්පනාවේ ආනන්ද නාහිමියන් ඇතුඵ මහා සංඝරත්නය ද, වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ප්‍රදේශීය දේශපාලඥයින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා හා උපේන්ද්‍රා කාරියවසම් මැතිණිය ඇතුළු සම්භාවනීය ගිහි ආරාධිත අමුත්තන් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සංකල්පයකට අනුව දිස්ත්‍රික් නිලධාරීන්ගේ පරිපාලන හා කළමණාකරන දැනුම වැඩි දියුණු කීරිම වෙනුවෙන් අධ්යක්ෂ පුහුණු කර්නල් ජේකේඑන්එස් ජයසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ “බලකා පරිපාලනය පිළිබඳව සංස්කරණ පාඨමාලාවේ - පළමු අදියර” දිස්ත්‍රික් නිලධාරීන් 29 දෙනෙකුගේ සහභාගීත්වයන් 2022 පෙබරවාරි මස 21 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේදී අධ්යක්ෂ ජනරාල් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී පිළිවෙත් හා පරිපාලන කළමණාකරන දැනුම වර්ධනය කිරීම, සියළුම පෙළපාලි හා සම්මාන මුර පිළිබඳව දැනුවත් කිරීම සහ ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම ආදී විෂයන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ සහ බාහිර ප්‍රවීණ උපදේශකයින්ගේ දායකත්වයෙන් 2022 පෙබරවාරි මස 21 වන දින සිට 2022 මාර්තු 05 වන දින දක්වා රාජකාරී දින 12ක කාලසීමාවක් ආවරණය වන පරිදි මෙම පාඨමාලාව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති අතර, දිස්ත්‍රික් නිලධාරීගෙන් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබාගැනීම මෙමගින් බලාපොරොත්තු වේ.
පාඨමාලාවේ ආරම්භක අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඑන් සේරසිංහ මැතිතුමා, අධ්යක්ෂ පුහුණු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරීද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි සමාජ සත්කාරක වැඩසටහන් යටතේ වෙන්නවත්ත බලකාය මගින් එරත්න කුරුවිට මාර්ගය හරහා ශ්‍රී පාදස්ථානය වෙත ගමන් ගන්නා මඟ දෙපස පොළිතින් හා කැළි කසල ඉවත් කිරීමේ වැඩසටහනක් 2022 පෙබරවාරි මස 13 හා 14 දෙදින පුරා සිදුකරන ලදී.
වෙන්වත්ත බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කුමාර රණසිංහගේ ප්‍රධානත්වයෙන් එම බලකා මූලස්ථානයට අනුයුක්ත සමාජික සාමාජිකාවන් 56 දෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී විය.
වව්නියාව බලකා මූලස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කර ඇති රඹවෙට්ටිකුලම කුඹුරු අක්කර 125 ක අස්වනු නෙළීම වව්නියාව බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සූරිය අස්මඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ ඉල්ලීම පරිදි වව්නියාව දිස්ත්‍රික් ලේකම් පීඒ සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර, වව්නියාව බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියද දිස්ත්‍රික් ලේකම් තුමාගේ නිරීක්ෂණයට ලක්විය.
වැලිඔය බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජීකේඑන් විජේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීම මත මහනුවර කුණ්ඩසාල ආබාධිතයින්ගේ මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වයෙන් වැලිඔය බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අතරින් පාදයක් අහිමිව ආබාධිත තත්වයට පත්ව සිටින පුද්ගලයින් සඳහා කෘතිම පාද ප්රදානය කිරීම පසුගියදා වැලිඔය බලකා මූලස්ථානයේදී සිදුකරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිළිනොච්චි හා මුලතිව් බලකායන් මගින් තෛයිපොංගල් උත්සවයට සමගාමිව යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි සජී කරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පාපැදි හා පාසල් උපකරණ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව යාපනය උඩුප්පිඩි විද්‍යාලයේ පැවැත්විණි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 25 දෙනෙකු සඳහා පාපැදි පරිත්‍යාග කිරීම හා සිසුන් 10 දෙනෙකු සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදු කළ අතර, දරුවන්ගේ කායික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ සහිත ළමා උද්‍යානයක් විවෘත කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා 52 සේනාංකාධිපති තුමන්, 521 බල සේනාධිපති තුමන්, ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් හා රජයේ නිලධාරීන් සමඟ සජි කරන් මහතාද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීමෙන් කථිකාචාර්ය එස්ඩබ්අයි නන්දලාල් මාලගොඩ මහතාගේ හා ප්‍රවීණ රංගනවේදිණී ස්විනීතා වීරසිංහ මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් දඹුල්ල හා සීගිරිය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී සාමාජිකයින් සඳහා සිල් රෙදි හා ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම දඹුල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී සහ ඉනාමළුව ඉසිපතනාරාම විහාරස්ථානයේදී පසුගිය දා පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි අතිරේක අධ්යක්ෂ ජනරාල් යූඅයි සේරසිංහ මැතිතුමා මේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති නුවරඑළිය කටුමාන ශ්‍රී සීතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන ස්වාමීන්වහන්සේ විසින් පාසල් යන දුවා දරුවන් 200 දෙනෙකු සඳහා පාසල් අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.