වව්නියාව බලකා මූලස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර පමණක් භාවිතා කරමින් වගා කර ඇති රඹවෙට්ටිකුලම කුඹුරු අක්කර 125 ක අස්වනු නෙළීම වව්නියාව බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සූරිය අස්මඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමාගේ ඉල්ලීම පරිදි වව්නියාව දිස්ත්‍රික් ලේකම් පීඒ සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද අතර, වව්නියාව බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියද දිස්ත්‍රික් ලේකම් තුමාගේ නිරීක්ෂණයට ලක්විය.
වැලිඔය බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජීකේඑන් විජේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීම මත මහනුවර කුණ්ඩසාල ආබාධිතයින්ගේ මධ්‍යස්ථානයේ අනුග්‍රාහකත්වයෙන් වැලිඔය බලකා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අතරින් පාදයක් අහිමිව ආබාධිත තත්වයට පත්ව සිටින පුද්ගලයින් සඳහා කෘතිම පාද ප්රදානය කිරීම පසුගියදා වැලිඔය බලකා මූලස්ථානයේදී සිදුකරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කිළිනොච්චි හා මුලතිව් බලකායන් මගින් තෛයිපොංගල් උත්සවයට සමගාමිව යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ පදිංචි සජී කරන් මහතාගේ ධන පරිත්‍යාගයෙන් සංවිධානය කරන ලද පාසල් දරුවන් සඳහා පාපැදි හා පාසල් උපකරණ වෙනුවෙන් මුදල් පරිත්‍යාග කිරීමේ උත්සවයක් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව යාපනය උඩුප්පිඩි විද්‍යාලයේ පැවැත්විණි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් දරුවන් 25 දෙනෙකු සඳහා පාපැදි පරිත්‍යාග කිරීම හා සිසුන් 10 දෙනෙකු සඳහා මුදල් පරිත්‍යාග කිරීම සිදු කළ අතර, දරුවන්ගේ කායික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රීඩා උපකරණ සහිත ළමා උද්‍යානයක් විවෘත කිරීමද මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා 52 සේනාංකාධිපති තුමන්, 521 බල සේනාධිපති තුමන්, ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් හා රජයේ නිලධාරීන් සමඟ සජි කරන් මහතාද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මහනුවර බලකා අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මැදිහත්වීමෙන් කථිකාචාර්ය එස්ඩබ්අයි නන්දලාල් මාලගොඩ මහතාගේ හා ප්‍රවීණ රංගනවේදිණී ස්විනීතා වීරසිංහ මැතිණියගේ ධන පරිත්‍යාගයෙන් දඹුල්ල හා සීගිරිය ප්‍රදේශයේ ජීවත්වන අඩු ආදායම්ලාභී සාමාජිකයින් සඳහා සිල් රෙදි හා ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීම දඹුල්ල බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී සහ ඉනාමළුව ඉසිපතනාරාම විහාරස්ථානයේදී පසුගිය දා පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි අතිරේක අධ්යක්ෂ ජනරාල් යූඅයි සේරසිංහ මැතිතුමා මේ අවස්ථාව සඳහා සහභාගී වූ අතර, සුසරණ ලංකා සමාජ සංවර්ධන පදනමේ සභාපති නුවරඑළිය කටුමාන ශ්‍රී සීතවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන ස්වාමීන්වහන්සේ විසින් පාසල් යන දුවා දරුවන් 200 දෙනෙකු සඳහා පාසල් අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් 36,758 දෙනෙකුගේ පාසල් යන දුවා දරුවන් 39,747 දෙනෙකු සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදා දීම සංකේතවත් කරමින් 2022 ජනවාරි මස 20 වන දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලද ප්‍රධාන උත්සවයට සමගාමීව දිවයන පුරා විහිදී ඇති බලකා මූලස්ථානයන්හිදී පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සව සංවිධානය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ මඟපෙන්වීම යටතේ උහන, කටුනායක, මොණරාගල, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මහඔය, මහනුවර, විල්පත්තුව, සේරුවිල, හොරොව්පොතාන, කූරගල බලකායන්හිදී හා ගල්කිරියාගම පුහුණු පාසලේදී පාසල් අභ්‍යාස පොත් බෙදාදීම සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් 74 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ හා සහාය දැක්වු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු දිස්ත්‍රික් නිලධාරීන් ඇතුළු සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරමින් සහතික පත්‍ර ප්රදානය කිරීම විහාර මහා දේවි උද්‍යානයේ දී 2022 පෙබරවාරි 04 වන දින 74 වන නිදහස් සමරු පෙළපාලියට පසු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
අධ්යක්ෂ ජනරාල් තුමා විසින් 74 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ සියලුම නිලධාරීන් හා සාමාජික සාමාජිකාවන් අමතා සුභාශිංශන එක් කරමින් ඔවුන් ඇගයීමට ලක්කර සහතික පත් ප්රදානය කිරීම සිදුකරන ලද අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඅයි සේරසිංහ මැතිතුමා ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්ද මේ සඳහා සහභාගී විය.
“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අභිමානවත් ලෙස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 04 වන අද දින පවත්වන ලදී.
ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිස් භට පිරිස් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බටහිර තූර්යවාදක කණ්ඩායම හා දෙපාර්තමේන්තු ධජය පෙරටු කරගනිමින් නිලධාරීන් 14 දෙනෙකුගෙන් සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 421ක් දෙනෙකුගෙන් සමන්විතව 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සව පෙළපාලිය සඳහා අභිමානයෙන් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පෙළපාලියේ අණ දෙන්නා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ලුතිනන් කර්නල් කමල් දයාප්‍රිය ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කළ අතර, පෙළපාලියේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස පස්වන ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරී ඩීඑම් සෙනෙවිරත්න කටයුතු කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පළවන (පිරිමි) සම්මාන සරඹ කාණ්ඩය මේජර් සෙනෙවි දිසානායකගේ අණදීම යටතේ කණ්ඩ භාර යුධ හමුදා නිලධාරින් තිදෙනෙකුගෙන් සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81කින් සමන්විත වූ අතර, දෙවන (කාන්තා) සම්මාන සරඹ කාණ්ඩය ලුතිනන් කොමාණ්ඩර් ඉන්දික පුෂ්ප කුමාරගේ අණදීම යටතේ කණ්ඩ භාර දිස්ත්‍රික් නිලධාරීනියන් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක සාමාජිකාවන් 90කින් සමන්විත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නන්දිමිත්ර බලකායට අයත් විශේෂ ප්‍රහාරක කණ්ඩය තුන්වන සරඹ කාණ්ඩය ලෙස ලුතිතන් කොමාණ්ඩර් නිමල් ලංකාගේ අණදීම යටතේ කණ්ඩ භාර දිස්ත්‍රික් නිලධාරීන් තිදෙනෙකු හා නන්ද්රිමිත්ර විශේෂ පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81කින් සමන්විතව 74 වන නිදහස් දින සැමරුම් පෙළපාලියේ ගෞරවාන්විතව තම ආචාරය පිරිනමමින් ගමන් කරන ලදී.
2022 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන 74 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් ගෙන් සැදුම්ලත් ආචාර පෙළපාලියේ පෙර පුහුණුවීම් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අද දින පැවැත්විණි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට පැමිණ ආචාර පෙළපාලියේ පෙර පුහුණුවීම් නිරීක්ෂණය කළ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මැතිතුමාද මෙම අවස්ථාවට සහභාගීවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් මත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ මඟපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකය මගින් දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් 36,758 දෙනෙකුගේ පාසල් යන දුවා දරුවන් 39,747 දෙනෙකු සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදා දීම සංකේතවත් කරමින් පවත්වන ප්‍රධාන උත්සවය 2022 ජනවාරි මස 20 වන දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මැතිණිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකය මගින් පාසල් අභ්‍යාස පොත් ලබා දීමට මිලියන 12ක ප්‍රතිපාදන වෙන් කළ අතර, ඊට අමතරව ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් දුවා දරුවන් 04 දෙනකු සඳහා ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබා දීම ද, අපොස උසස් පෙළ විභාගයේදී විද්‍යා, වාණිජ, කලා යන විෂයධාරා තුනෙන් වැඩිම ලකුණු ලබා ගෙන විශ්වවිද්‍යාල වරම් ලැබූ දුවා දරුවන් 03 දෙනෙකු සඳහා ලැප්ටොප් පරිගණක ලබා දීම ද මීට සමගාමීව සිදුකරන්නට යෙදුණි.