සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි මස 03 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමෙන් අනතුරුව 2022 වසර සඳහා රාජකාරී ආරම්භ කරන ලදී.
එහිදී අධ්යක්ෂ ජනරාල්තුමන් විසින් 2022 නව වසර වෙනුවෙන් සුභාශිංසන එක් කරමින් රට හදන සෞභාග්‍යයේ දැක්ම පෙරදැරි කර ගනිමින් විනයගරුක, නීතිගරුක, ගුණගරුක, සහ සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම සඳහා පැවරෙන රාජකාරීන් කාර්යක්ෂමව, ඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන්, අවංකභාවයෙන්, මහජනතාවට පක්ෂපාතීව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු කරන මෙන් උපදෙස් ලබා දෙන ලද අතර, මේ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේනතුවේ රාජකාරී කරන සියලුම සාමාජික සාමාජිකාවන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2021 දෙසැම්බර් මස 24 වන දින මොණරාගල බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී බලකායේ සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ ගැටළු විමසා බලා ඒවාට විසදුම් ලබා දීමටත් කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව මොණරාගල බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතීන් පිළිබඳව වැඩිදුරටත් විමර්ශණය කරන ලද අතර ඒවායේ දියුණුව සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී බලකායේ සාමාජික සාමාජිකාවන් අමතා ඔවුන්ගේ දායකත්වය හැකි උපරිම අයුරින් මෙම දෙපාර්තමේන්තුවේ අනාගත අභිවෘද්ධිය උදෙසා ලබාදෙන මෙන් උපදෙස් ලබා දුන් අධ්යක්ෂ ජනරාල්තුමන් බලකා සාමාජික සාමාජිකාවන්ගේ ගැටළු පිළිබඳවද විශේෂ අවධානය යොමුකරන ලදී.
ඉන් අනතුරුව කතරගම බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතීන් පිළිබඳව වැඩිදුරටත් විමර්ශණය කරන ලද අතර, දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන තංගල්ල මහ රෝහලේ සිව්මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ එතුමා එම ඉදිකිරීම් වඩාත් ගුණාත්මකව හැකි ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් 2021 දෙසැම්බර් මස 23 වන දින කතරගම පූජා භූමිය හා කිරිවෙහෙර වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, හම්බන්තොට දිස්ත්‍රික් සඟ සමළුවේ සභාපති පූජ්‍යපාද කොබවක ධම්මින්ද නායක හිමි හා තිස්සමහාරාම සඳගිරි අභය මහා විහාරාධිපති මාතර කන්දබඩපත්තුව ඇතුළු හම්බන්තොට පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමි බැහැ දැක උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගෙන දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවන සංවර්ධන ව්‍යාපෘති වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් ලබා ගන්නා ලදී.
ඉන් අනතුරුව, සිතුල්පව්ව විහාරස්ථානය, දෙවිනුවර පරම විචිත්‍රාරාම රජමහා විහාරය, මාතර පාලටුවාව බෞද්ධ විහාරස්ථානය, ගෞතම විද්‍යාල පිරිවෙන් වෙහෙර, ශ්‍රී රත්නාරාම රජමහා විහාරස්ථානය හා කතරගම අභිනවාරාමය ආදී විහාරස්ථානයන්හි විහාරාධිපති හිමිවරුන් මුණගැසී ආශිර්වාද ලබා ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත බලකායට අනුයුක්තව රාජකාරී කරන පීකේ ජයම්පති රාජරත්න 2021 වර්ෂයේ ප්රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී මීටර් 1500, මීටර් 800 ධාවන ඉසව්වලින් සහ මීටර් 400 කඩුළු මතින් දීවීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගන්නා ලදී. මීට අමතරව 2018 සහ 2019 වර්ෂයේ රාජ්‍ය සේවා මලළ ක්‍රීඩා උළෙලයන්හිදී රන් හා ලෝකඩ පදක්කම් දිනා ගත් ඔහු 2019 වසරේ දකුණු පළාත් තරඟයේදීද මීටර් 400 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය.
එම සිවිල් ආරක්ෂක සාමාජිකයා 2021 දෙසැම්බර් මස 20 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් විසින් ඇඟයීමට ලක්කර සුභ පැතුම් එක් කරන ලදී.