සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 21 වන දින කොණ්ඩච්චි කජු ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යමින් අස්වනු නෙලීම් සිදුකරන අක්කර 1200ක කොණ්ඩච්චි කජු වගාවට අමතරව කජු සංස්ථාව සතු භූමියෙන් අක්කර 500 ක භුමියක් මෙම දෙපාර්තමේන්තුවට වගා කටයුතු සඳහා ලබා දෙන ලදි. අධ්යක්ෂ ජනරාතුමාගේ සෘජු මඟ පෙන්වීම යටතේ එම භුමිය එළිපෙහෙළි කිරීම, මූලික බිම් සැකසීම, ද්විතීක බිම් සැකසීම හා ශාක රෝපණය කිරීම ආදී සියලුම ක්‍රියාවන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් හා තාක්ෂණික දැනුම භාවිතා කරමින් සිදුකරනු ලබයි.
මෙම භූමියේ සිටුවීම සඳහා අවශ්‍ය කජු පැළ 13000ක ප්‍රමාණයක් දෙපාර්තමේන්තු සාමාජිකයින් විසින්ම තවාන් දමා ඇති අතර, දැනට බිම් සකසා ඇති වගා භුමියේ කජු වගාව ආරම්භ කිරීම සංකේතවත් කරමින් අධ්යක්ෂ ජනරාල්තුමා විසින් එදින සුභ මොහොතින් කජු පැළයක් රෝපණය කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් වගා කරනු ලබන කජු අක්කර 1200ක භූමිය හා කජු සංස්ථාව මගින් පවත්වාගෙන යනු ලබන අක්කර 4500ක භූමිය වටා කි.මි.32 කින් යුත් ආරක්ෂිත විදුලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් කජු සංස්ථාවේ ඉහළ නිලධාරීන් හා අධ්යක්ෂ ජනරාල්තුමා අතර සාකච්ඡාවක් පවත්වන ලදි. ඒ අනුව කජු සංස්ථාව මඟින් විදුලි වැට ඉදිකිරීම සඳහා වැයවන අමුද්‍රව්‍ය, තාක්ෂණික මෙවලම් හා ප්‍රතිපාදන ලබා දීමට යෝජනා වූ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමජිකයින්ගේ පූර්ණ තාක්ෂණික දැනුම හා ශ්‍රම දායකත්වයෙන් යෝජිත විදුලි වැට ඉදිකිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා වන ඉදිරි උපදෙස් කොණ්ඩච්චි කජු ව්‍යාපෘතිය භාර නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් කේයූසී පෙරේරා වෙත අධ්යක්ෂ ජනරාල්තුමා විසින් ඉඳුරාම ලබා දෙන ලදි.
ඉන් අනතුරුව කජු ව්‍යාපෘතියේ රාජකාරී කරනු ලබන සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ භට නිවාස, සුභසාධන කටයුතු හා රාජාකාරී සම්බන්ධයෙන් අධ්යක්ෂ ජනරාල්තුමන් විසින් විමසන ලදි.
කූරගල විහාරස්ථානයට ප්‍රවිෂ්ඨ වන පිය ගැටපෙළෙහි ඉදිකරිම් කටයුතු 2021 ජූලි 30 වන දිනට ප්‍රථම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව අධ්යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් මත කූරගල ව්‍යාපෘතියේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ටිකේආර්ඩබ්එස් බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ පිළිසකර කිරීමේ කටයුතු කඩිනම් කරන ලදි. භටයිනගේ දැඩි උනන්දුව හා කැපවීම මත 2021 ජූලි 30 වන දිනට ප්‍රථම පියගැටපෙළ සම්පූරණයෙන්ම පිළිසකර කර අවසන් කිරීමට හැකිවිය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා 2021 අගෝස්තු මස 04 වන දින පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මැතිතුමන් පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී මුණගැසිනි.
නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව සංකේතාත්මකව පොලිස්පතිතුමන් මුණගැසුණු අධ්යක්ෂ ජනරාල්තුමන් හට සුභ පැතුම් එක්කල එතුමා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පොලිසියේ රාජකාරි සඳහා ලබා දෙන සහාය පිළිබඳව ප්‍රශංසා කලේය.
මෙම හමුවේදී පොලිසිය සමඟ එක්ව ඉදිරි රාජකාරී කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් අතර, පොලිස් මූලස්ථානයේ අධ්යක්ෂ මණ්ඩලයද මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.
එම අවස්ථාව සනිටුහන් කරමින් පොලිස්පතිතුමන් හා අධ්යක්ෂ ජනරාල්තුමන් සමරුපලක හුවමාරු කරගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ලමාහේවාගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 අගෝස්තු මස 01 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමිපාණන්, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් හා මිහින්තලය රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මිරිසවැටිය, ජේතවනාරාමය, අභයගිරිය, ථූපාරාමය, ලංකාරාමය, ඉසුරුමුණි රාජමහා විහාරය හා ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය යන විහාරස්ථාන වෙත ගොස් ඒවායෙහි විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මුණගැසී ආශිර්වාද ලබා ගත්තේය.
අධ්යක්ෂ ජනරාල්තුමන් මෙම සංචාරයේදී ලංකාවේ විශාලත්වයෙන් වැඩි සෑයන් අතර හතරවැනි ස්ථානයට පත්වන සඳහිරු සෑරදුන්ගේ ඉදිකිරීම් කටයුතු පිළිබඳවද නිරීක්ෂණය කලේය. ජිවිත පූජාවෙන් අප රට බේරාදුන් රණ විරුවන් වෙනුවෙන් ඉදිකරනු ලබන සඳහිරු සෑරදුන් ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදාව හා එක්ව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් විශාල ශ්‍රමයක් වැයකරනු ලබන අතර, එම ශ්‍රම දායකත්වය පිළිබඳව අධ්යක්ෂ ජනරාල්තුමාගේ ඇගයීමට ලක්විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 24 වන දින යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී අස්ගිරි මහා විහාරවාසී කර්මාචාර්ය නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ යටිහගල රජමහා විහාරාධිකාරී කූරගල රජමහා විහාරයේ විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් හමුවී ඉදිරි ඉදිකිරීම් සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලබන සහාය පිළිබදව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිවෙමින් පවත්න කූරගල චෛතයයේ ඉදිකිරීම් කටයුතු සහ විහාරභූමිය නිරීක්ෂණ කළේය.
ඉන් අනුතුරුව අධ්යක්ෂ ජනරාල්තුමන් කූරගල ව්‍යාපෘතිය ඉදිකිරීම් සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක භට පිරිස අමතන ලදි. මෙම අවස්ථාව සඳහා යුධ හමුදාපති හා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ද සහභාගී විය.
දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වසංගත රෝගී තත්වය හේතුවෙන් දිනපතා වර්තාවන රෝගීන් ප්‍රමාණය ඉහළයාම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමාගේ අධීක්ෂණය මත ගල්කිරියාගම උසස් පුහුණු පාසල කොවිඩ් 19 වැළදුනු රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කර ඇත.
ගල්කිරියාගම උසස් පුහුණු පාසලේ අණදෙන නිලධාරී මේජර් ඩීආර් තාරුකාරන්නගේ පූර්ණ අධීක්ෂණය යටතේ පලාගල මහජන වෛද්‍ය නිලධාරීතුමන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ඇතිව පවත්වාගෙන යනු ලබන එම මධ්‍යස්ථානයේ රෝගීන්ගේ සියලු සුභසාධන කටයුතු හා ආහාරපාන ලබාදීම උසස් පුහුණු පාසලේ කාර්යමණ්ඩලය විසින් සිදු කරයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින නුවර බලකායේ සිදු කල සංචාරය අතරතුර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියන් විසින් ආරම්භ කරන ලද යලි පිබිදෙන කූරගල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක භටයින්ගේ ශ්‍රම දායකත්වය ඇගයීමට ලක්කල නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාර වාසි කොහුලියද්දේ ධම්මවංශ හිමියන් විසින් අධ්යක්ෂ ජනරාල්තුමන් හට සමරු තිළිණයක් ප්‍රධානය කලේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා 2021 ජූලි මස 19 වන දින මල්වතු පාර්ශයේ හා අස්ගිරි පර්ශයේ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
මෙහිදී මල්වතු පාර්ශයේ අනුනායක අතිපුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද, අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ධර්මකීර්ති ශ්‍රී උපාලි අනුනායක හිමියන් හා අස්ගිරි පාර්ශයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ද බැහැදැක ආශිර්වාද ලබා ගන්නා ලදි.
අධ්යක්ෂ ජනරාල් තුමා සහ පැමිණි සිටි පිරිසට අනුනායක හිමිවරුන් සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කලේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) රන්ජන් ළමාහේවගේ මැතිතුමා නව ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව 2021 ජූලි මස 19 වන දින ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගන්නා ලදි.
ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් හා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤානරතන මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
නව ධුරයේ වැඩ භාරගත් අධ්යක්ෂ ජනරාල්තුමාට ආශිර්වාද ලබා දුන් මහා නාහිමිවරුන් පූජනීය ස්ථානවල ආරක්ෂාව හා ශාසනික දියුණුව වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ලබා දෙන සහාය පිළිබඳව ප්‍රශංසා කරන ලදි.