සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපෘති අතුරින් වැඩි ආදායමක් සඳහා මෙන්ම දේශීය වෙළඳපොලෙහි අමු මිරිස් මිල අධික ලෙස ඉහළ යාම පාලනය කිරීම වෙනුවෙන් 2022 වර්ෂයේදී හරිතාගාර මිරස් වගා ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයිනගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් කැබිතිගොල්ලෑව බලකා මූලස්ථානයේදී මූලික ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් හා මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණු වැඩසටහනක් මගින් නිවැරදි හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් පුහුණුව ලබා දීමෙන් අනතුරුව දිවයින පුරා පිහිටි බලකා 11ක හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘති ආරම්භ කරන ලදී.
කැබිතිගොල්ලෑව, වැලිඔය, මහනුවර, මුලතිව්, ගෝමරන්කඩවල හා වව්නියාව බලකායන්හි අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇති අතර, බලකා අණදෙන නිලධාරින්ගේ හා හරිතාගාර මිරිස් ව්‍යාපෘති භාර සිවිල් ආරක්ෂක සාමාජික සාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම මත අමුමිරිස් කිලෝ 65900 අස්වැන්නක් වෙළඳපොළට ලබා දී රුපියල් මිලියන 17ක ආදායමක් උපයා ඇත.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ 7 වන සභාපතිනිය ලෙස දිළිණි කෝදාගොඩ මහත්මිය 2023 අගෝස්තු මස 21 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සුභ මොහොතින් නව තනතුරේ වැඩ භාර ගන්නා ලදි.
ඉන් අනතුරුව, සේවා වනිතා ඒකකය මගින් සිදු කළ සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් හා ඉදිරියේදී සිදු කිරීමට නියමිත සුභ සාධන කටයුතු සම්බන්ධයෙන් සේවා වනිතා ඒකකයේ නිළධාරි මඩුල්ල සමඟ සාකච්ඡා කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 10 වන අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී, යූඑස්පී, එම්බීඒ (එක්සත් රාජධානිය), එන්ඩීසී (ඉන්දියාව), පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 16 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සුභ මොහොතින් නව තනතුරේ රාජකාරී භාර ගන්නා ලදි.
1968 සැප්තැම්බර් මස 14 වන දින උපත ලද එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල කොළඹ ශාන්ත පීතර් විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 19 වන කැඩෙට් පාඨමාලාව සඳහා 1988 මැයි මස 17 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්විය. දියතලාව සටන් පුහුණු පාසලන් මූලික සටන් පුහුණු පාඨමාලාව අවසන් කර, ඉන් අනතුරුව මූලික පරිපාලන පාඨමාලාව සහ උසස් පරිපාලන පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීනවරායේ දී සම්පූර්ණ කර 1990 මැයි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරියකු වශයෙන් අධිකාරියට පත්වී 2020 අප්‍රේල් 15 වන දින එයාර් වයිස් මාර්ෂල් නිලයට උසස් කරන ලදී.
එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල තම සේවා කාලය තුළ දී දිවයිනේ ක්‍රියාන්විත හා ක්‍රියාන්විත නොවන ප්‍රදේශවල විවිධ රාජකාරින් ඉටු කර ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ තනතුරුවල රාජකාරි කටයුතු සිදුකරන ලදි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ධූරය දැරීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කරන ලදී.
දක්ෂ ක්‍රීඩා කෞෂල්යතාවයකින් හෙබි එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ජාතික මට්මමේ ක්‍රීඩා කළමණාකරණ පත්වීම් රැසක් හෙබවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ හා විදේශයන්හිදී විශේෂ පාඨමාලා හදාරා ඇති එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල විශිෂ්ඨ හා ආදාර්ශමත් නිලධාරියෙකු ලෙස තම රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, දීර්ඝ සේවා කණ්ඩය, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම් වලින් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
නව අධ්යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරනු ලැබූ සේවය ඇගයීමට ලක් කළ අතර, තව දුරටත් ඔවුන්ගේ සේවාවන් නිසි පරිදි ලබා ගැනීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දී වෘත්තීය හැකියාවන් වැඩි දියුණුකර විනිවිධ භාවයකින් යුතුව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යල කන්නයේ වී අස්වනු නෙලීම සේරුවිල, වැලිඔය හා විශ්වමඩු බලකා මේ වන විට ආරම්භ කර ඇති අතර අක්කර 3315 සම්බා, නාඩු, රතු නාඩු, ආදී වී වගාවන්හි අස්වනු නෙලීමට නියමිතය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සදහා අවශ්‍ය බීජ වී ලබා ගැනීම සදහා ස්වයං බීජ නිපදවීම වෙනුවෙන් සේරුවිල, වැලිඔය, වව්නියාව හා විශ්වමඩු බලකා මගින් අක්කර 72 ක ප්‍රමාණයක් බීජ වී වගා කර ඇත.
මාස්ටර් මළල ක්‍රීඩා සංගමය මගින් 09 වන වරටත් සංවිධානය කරන ලද මාස්ටර් මළල ක්‍රීඩා තරඟාවලිය 2023 ජූලි මස 15 සහ 16 යන දෙදින අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවති අතර ඒ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සහභාගී වී පෙර පැවති මාස්ටර් මළල ක්‍රිඩා වාර්තා බිඳ හෙළමින් එක් එක් වයස් කාණ්ඩ යටතේ නව තරඟ වාර්තා 07ක් පිහිටුවමින් රන් පදක්කම් 34ක්, රීදී පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 22ක් ජයග්‍රහණය කරන ලදී.
වයස් කාණ්ඩ 60 නියෝජනය කරමින් දුර පැනීම, මීටර් 80 කඩුළු මතින් දිවීම හා මීටර් 300 කඩුළු මතින් දිවීම නව තරඟ වාර්තා තුනක් සමගින් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය අනුරාධපුර බලකායේ කාන්තා උප නියාමක 5658 එම්පීඑන් ද සිල්වා දිනාගන්නා ලදී.
වයස් කාණ්ඩ 40 - 45 නියෝජනය කරමින් උහන බලකායේ කාසිආ 6893 ටී ප්‍රදීපා ජානකී හෙල්ල විසිකිරීම නව තරඟ වාර්තාවවක්, වයස් කාණ්ඩ 45 - 50 නියෝජනය කරමින් අනුරාධපුර බලකායේ කාඋනි 5798 ආර්ආර්ඒ රත්නායක මීටර් 1500 නව තරඟ වාර්තාවවක්, වයස් කාණ්ඩ 40 - 45 නියෝජනය කරමින් වෙන්නවත්ත බලකායේ කාසිආ 022548 ඩබ්පී කෞෂි යගුලිය විසිකිරීම නව තරඟ වාර්තාවවක් හා වයස් කාණ්ඩ 50 - 55 නියෝජනය කරමින් විල්පත්තු බලකායේ කාඋනි 6784 එම්ඒ චන්ද්‍රාවතී මීටර් 1500 නව තරඟ වාර්තාවක් පිහිටුවන ලදී.
මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වසර දෙකක කාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවීමෙන් අනතුරුව 2023 ජූලි මස 12 වන දින එම ධුරයෙන් සමුගන්නා ලදී.
යුද්ධ හමුදාවේ වසර 35ක විශිෂ්ඨ සේවයක් ඉටු කර විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2021 ජූලි මස 12 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් වශයෙන් රාජකාරී භාර ගත් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒමට නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන ලදී.
ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1986 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව ඉතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට බැදී දේශීය හා විදේශීය විශේෂ පාඨමාලා හදාරා ඇති එතුමා, දශක තුනක් මුළුල්ලේ පැවති කුරිරු එල්ටීටීඊ ත්රස්තයන් හමුවේ යුද්ධයේදී දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුවේ සමාජික සාමාජිකාවන්ගේ හා මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී කරන ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන්ගේ සහ සිවිල් සාමාජික සාමාජිකාවන්ගේ 2023 වර්ෂය සඳහා පාසල් අධ්‍යාපනය හදාරණු ලබන සියලුම දුවා දරුවන් හට ආධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් අභ්‍යාස පොත් නොමිලයේ ලබා දීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රංජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් මැතිණියගේ මඟපෙන්වීම මත සිදුකරන ලදී.
සේවා වනිතා ඒකකය මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියතු 34000කට ආසන්න සාමාජික සාමජිකාවන්ගේ පාසල් යන දුවා දරුවන් 39306 දෙනෙකු උදෙසා රුපියල් මිලියන 27ක් වටිනා අභ්‍යාස පොත් 136998ක් දිවයින පුරා පිහිටා ඇති බලකා මූලස්ථාන වෙත බෙදා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්යක්ෂ තාක්ෂණ ලුතිතන් කොමාණ්ඩර් එන්එස් කුමාරජෝති යන නිලධාරීගේ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පුද්ගල කළමණාකරණ පද්ධතිය, තොරතුරු ආරක්ෂණ ඒකකය හා දෙපාර්තමේන්තු දත්තයන් පහසුවෙන් පරිශීලනය කිරීමට හැකි වන පරිදි අභ්‍යන්තර තොරතුරු වෙබ් අඩවියක් සහිතව තොරතුරු තාක්ෂණ ඒකකයක් මූලස්ථාන පරිශ්‍රෙය්දී 2023 ජූලි මස 05 වන දින ස්ථාපිත කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුල ඇති සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ පරිශීලනය කිරීම මගින් තොරතුරු තාක්ෂණ පද්ධතින් දියුණුකර ලිපි ද්‍රව්‍ය භාවිතය අවම කිරීම, තාක්ෂණික දියුණුවත් සමඟ වෙනස්වන පරිගණක සේවාවන් දෙපාර්තමේන්තුව තුල ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කළ අතර, 2023 ජූලි මස 05 වන දින අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානාත්වයෙන්, අතිරේක අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දෙපාර්තමේන්තු පරිශීලකයින්ට පරීශීලයන කිරීම සඳහා නිල වශයෙන් විවෘත කරන ලදි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් උත්සවය වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි බලකා මූලස්ථාන වෙතින් නිර්මාණය කරන ලද වර්ණවත් පහන් කූඩු ගංගාරාම බුද්ධ රශ්මී වෙසක් කලාපය, බෞද්ධාලෝක වෙසක් කලාපය හා ගාළු මුවදොර වෙසක් කලාපයන් හි ප්‍රදර්ශනය කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කණ්ඩායම විසින් 2023 මැයි මස 05 සහ 06 වන දෙදින බෞද්ධාලෝක වෙසක් කලාපය හා ගංගාරාම බුද්ධරශ්මී වෙසක් කලාප අලංකාරවත් කරමින් බැති ගී ප්‍රසංගය ඉදිරිපත් කරන ලදි.