சிறப்பு தலைப்பு செய்திகள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ සහ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා ගරු උප සභාපතිණි ඩබ්ඩී අයෝනි ප්‍රශංසා වික්‍රමසිංහ මැතිණිය සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීත්වයෙන් සේවා වනිතා ඒකකයේ 2024 වාර්ෂික මහා සභා රැස්වීම හා නව නිලධාරි මණ්ඩලය තෝරා පත්කර ගැනීම 2024 මාර්තු මස 14 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී පවත්වන ලදී.
2024 වර්ෂයේ දී සිදුකිරීමට නියමිත සුභසාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හා තීන්දු තීරණ ගැනීම සඳහා නව නිලධාරි මණ්ඩලය පත් කිරීම සිදුකල අතර නව ලේකම් වශයෙන් දිස්ත්‍රික් නිලධාරි කේඒඑන් සංජීවනී ද, භාණ්ඩාගාරික ලෙස දිස්ත්‍රික් නිලධාරි සීඑම් පළිහේන ද තෝරා පත් කර ගන්නා ලදි.
මෙහිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි කරනු ලබන සාමාජික සාමාජිකයිගේ පාසල් අධ්‍යාපනය හදාරණ දුවා දරුවන් 32957 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 18.3ක් වටිනා අභ්‍යාස පොත් බෙදා දීම සංකේතවත් කරමින් අභ්‍යාස පොත් ප්රදානය කිරීම සිදුකල අතර, අම්පාර බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 010911 ආර්බී ධයාපාල, පොලොන්නරුව බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 017538 එන් රෆීන්ගේ ලඟම ඥාතීන් වෙනුවෙන් හා විල්පත්තුව බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 006326 එම්බී චමින්ද දිසානායක වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කිරීම සේවාවනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය විසින් සිදුකරන ලදි.
ඉන් අනතරුව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය සේවාවනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන විරුමුතු මුල් ළමාවිය සංවර්ධනය කිරීමේ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවනිතා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී කර්නල් එච්එම්ඒඩී සරත්චන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් බලකා අණදෙන නිලධාරින්ගේ බිරින්දෑවරුන් හා සේවා වනිතා ඒකකයේ කාරකසභික සාමාජිකාවන් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
- விவரங்கள்
කොළඹ ගංගාරාම විහාරස්ථානය විසින් 45 වන වරටත් සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර 2024 පෙබරවාරි 23 හා 24 යන දෙදින පැවැත්වෙන අතර එම වැඩසටහනට සමගාමීව සිදුකරන මල් පෙරහැර පුණ්‍යකර්මය විහාරාධිකාරී ආචාර්ය පුජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් මත අධ්‍යක්ෂක පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවිධානයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් 2024 පෙබරවාරි මස 21 වන දින පවත්වන ලදී.
මල් පෙරහැර පුණ්‍යකර්මයෙහි සධාතුක කරඬුව වැඩම කරවීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් හා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සිදුරන ලද අතර මෙම පුණ්‍යකර්මය සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය ද සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු හේවිසි කණ්ඩායම් පෙරටුකර ගනිමින් උඩරට හා පහතරට නර්ථන කණ්ඩායම් සමඟින් මුර ආයුධ, සේසත්, බෞද්ධ ධජ, මල් රැගත් සිවිල් ආරක්ෂක සාමාජික සාමජිකාවන් හා අලි ඇතුන් සමගින් පෙරහැර වීදි සංචාරය කරන ලදී.
- விவரங்கள்
76 වන ජාතික නිදහස් දින සැමරුම් ආචාර පෙළපාලිය නියෝජනය කරමින් සහභාගී වූ සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් 08 දෙනෙකු හා සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 382 දෙනෙකුගේ සේවය අගය කිරීම වෙනුවෙන් සහතිකපත් ප්‍රධානය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 පෙබරවාරි මස 04 වන දින විහාරමහාදේවි උද්‍යානයේ දී සිදුකරන ලදී.
අධ්‍යක්ෂක පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු (විශ්‍රාමික) හා අධ්යක්ෂ පුහුණු කර්නල් එච්එම්ඒඩී සරත්චන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මෙහෙයවීම මත 76 වන නිදහස් දින පෙළපාලිය සඳහා සාමාජිකයින් තෝරා ගැනීමේ අරමුණින් හා පුහුණු පෙරහුරුවක් වශයෙන් පවත්වන ලද අන්තර් බලකා සරඹ තරඟාවලිය සඳහා සහභාගී වූ බලකා 21 කට අයත් සමාජික සාමාජිකාවන් 446 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරිම ද මෙහිදී සිදුකරන ලදි.
2023 අන්තර් බලකා සරඹ තරඟාවලියේ ඇඳුම, පෙනුම, අවි සරඹ හා පා සරඹ පුද්ගලික කුසලතාවයන් වෙනුවෙන් සහතිකපත් ප්‍රධානය කළ අතර වැලිඔය බලකායේ ජ්‍යෙෂ්ඨ නියාමක එම් 008480 එම්එම්එස් මලලසේකර, සිවිල් ආරක්ෂක භට එම් 25489 එච්එම්සී ආරියදාස හා සිවිල් ආරක්ෂක භට එම් 019774 පීඩබ්කේ පියරත්න විසින් තුන්වන ස්ථානයේ සම ස්ථාන දිනා ගන්නා ලදී. දෙවන ස්ථානය වැලිඔය බලකායේ සිවිල් ආරක්ෂක භට එම් 035562 කේපීඑම්ටී ජයසේකර විසින් දිනාගත් අතර 2023 අන්තර් බලකා සරඹ තරඟාවලිය සඳහා සහභාගී වූ සියලුම සාමාජික සාමාජිකාවන් අභිභවමින් වැලිඔය බලකායේ කාන්තා සිවිල් ආරක්ෂක එෆ් 037461 පීටී දිල්හානී විසින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී. කණ්ඩායම් සරඹ තරඟාවලියේ තෙවන ස්ථානය මොණරාගල බලකාය හා දෙවන ස්ථානය මහඔය බලකාය විසින් දිනාගත් අතර ප්‍රථම ස්ථානයට හිමි ශූරතා කුසලානය වැලිඔය බලකාය විසින් දිනාගන්නා ලදී.
76 වන නිදහස් දින පෙළපාලිය නියෝජනය කළ සියලුදෙනා අමතමින්, ඔවුන්ගේ විවිධ දෛනික රාජකාරි වලින් බැහැරව අභියෝග හා බාධක ජයගනිමින් කැපවීම හා උනන්දුව තුළින් ඉතා කෙටි කාලයකදී ලද පුහුණුවෙන් අනෙකුත් සේවාවන් හා සසැදීමේදී කිසිවෙකුටත් නොදෙවනි සම මට්ටමේහිලා සැලකිය හැකි අයුරින් 76 වන නිසදහස් දින පෙළපාලියේ අභිමානවත් අයුරින් ගමන් කරමින් විදහා දැක්වූ කුසලතාවයන් හේතුවෙන් සමස්ත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත අත්වූ ගෞරවය හා කීර්ති නාමය වෙනුවෙන් අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ සුභාශිංෂණ එක් කරන ලදී.
විහාරමහාදේවි ව්‍යාපෘති භාර නිලධාරි ලුතිතන් කොමාණ්ඩර් එම්ජේපීටීඑස් පතිරණ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මෙම උත්සව සංවිධානය කළ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, වෙන්නවත්ත බලකා අණදෙන නිලධාරි, ගල්කිරියාගම හා සේරුපිට පුහුණු පාසල් අණදෙන නිලධාරින් ඇතුළු 76 වන නිදහස් දින පෙළපාලිය සාර්ථක කරගැනීම සඳහා සහයදුන් සියලුම නිලධාරින්, ත්‍රිවිධ හමුදා සෙසු නිලයන් හා සිවිල් ආරක්ෂක සාමජික සාමාජිකාවන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
- விவரங்கள்
“හදමු අළුත් රටක් ” යන තේමාව පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ගරු සේතා තව්සින් (Srettha Thavisin) මැතිතුමාගේ ගෞරවණීය සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 04 වන දින කොළඹ ගාලු මුවදොර දී පැවති 76 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සමඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අභිමානවත් අයුරින් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ බටහිර තූර්යවාදක කණ්ඩායම සමඟ නිලධාරින් 15 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 382 දෙනෙකු මෙවර ආචාර පෙළපාලිය සඳහා සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ආචාර පෙළපාලියේ අණ දීම ලුතිතන් කර්නල් ආර්පීකේජී රණසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකළ අතර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජය රැගෙනයාම මේජර් ජේපී විජේතුංග නිලධාරි විසින් සිදු කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 81 දෙනෙකුගෙන් යුත් පිරිමි කණ්ඩයේ අණදීම මේජර් එස් සී ද සිල්වා ආර්ඩබ්පී ආර්එස්පී නිලධාරි විසින් සිදුකළ අතර බළලත් 1 ඩීඑම් සෙනෙවිරත්න එම කණ්ඩය පසුපසින් ගමන් කරන ලදී. මේජර් කේජේආර්එස් පෙරේරා නිලධාරිගේ අණදීම යටතේ කාන්තා සාමාජිකාවන් 81දෙනෙකු ආචාර පෙළපාලියේ ගමන් ගත් අතර බළලත් නිලධාරි 1 ඩබ්එම්පීකේ විජේසිංහ එම කණ්ඩයේ පසුපසින් ගමන් ගමන් කරන ලදී.
නන්දිමිත්ර විශේෂ බලකායට අයත් සාමාජිකයින් 81 දෙනෙකුගෙන් යුත් කණ්ඩයේ අණදීම මේජර් එම්ඒඩී කුමාර නිලධාරි විසින් සිදු කළ අතර බළලත් නිලධාරි 1 සීඑන්ජේ චන්ද්‍රසූරිය එම කණ්ඩයේ පසුපසින් ගමන් කරන ලදී.
සිවිල් ආරක්ෂක ආචාර පෙළපාලියේ භට කණ්ඩ නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා නිලධාරින් 02 දෙනෙකු සහ දිස්ත්‍රික් නිලධාරින් 08 දෙනෙකු ගමන් ගත් අතර සරඹ උපදේශකයින් 06 දෙනෙකු ද 76 වන නිදහස් දින පෙළපාලිය නියෝජනය කරමින් ගමන් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී විය.
\
- விவரங்கள்
අනුරාධපුර ශ්‍රී සුමනාරාම විහාරාධිකාරී පූජ්‍ය ලිඳවැව අමරජෝති ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් අනුරාධපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානයහි ඉදිකිරීමට යෝජිත චෛත්‍ය සඳහා මුල්ගල තැබීම හා නැදුම්ගමුවේ හස්තියාගේ අනුරුව විවෘත කිරීම 2024 ජනවාරි මස 15 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකළ අතර මෙහිදී අනුරාධපුර බලකායන්ට අයත් සාමජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙත පාසල් උපකරණ සහිත පාසල් බෑග් ප්රදානය කරන ලදී.
සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මහව බෝධිරුක්කාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ මකර තොරණ විහාරාධිපති පූජ්‍ය ඉපලෝගම රතනසාරභිධාන ස්වාමීන් වහන්සේගේ ආරාධනය මත අධ්යක්ෂ ජනරාල් විසින් විවෘත කළ අතර මෙම අවස්ථාව සඳහා අනුරාධපුර බලකා අණදෙන නිලධාරි ඩීඑම්එල්ටී දිසානායක යූඑස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය ඇතුළු විහාරස්ථානයේ දායක පිරිස සහභාගී විය.
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි මස 14 වන දින කිළිනොච්චි සහ විශ්වමඩු බලකායන්හි නිල සංචාරයක් සිදුකරන ලදී.
මෙම නිල සංචාරයේදී, සේවා වනිතා ඒකකයේ මඟපෙන්වීම සහ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් කිළිනොච්චි බලකායට අයත් එෆ් 037896 අකිලන් සුභාෂිනී භටවරියගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් කිළිනොච්චිය බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් වීඅයිඩබ් ගීකියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණයෙන් එම බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් යාපනය කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස භාරදීම අධ්යක්ෂ ජනරාල් සමඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රදානත්වයෙන් සිදුකරන ලදී.
එමෙන්ම විශ්වමඩු බලකා අණදෙන නිලධාරි යූජීඒකේඑස්සී සෝමපාල යුඑස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ නිවස විශ්වමඩු බලකායට අයත් සිවිල් ආරක්ෂක එම් 034725 එන් සංමුගරාසාගේ පවුලේ සාමාජිකයින් වෙත පවරා දීම අධ්යක්ෂ ජනරාල්ගේ නිල සංචාරය අතරතුරදී සිදුකරනු ලැබිණි.
විශ්වමඩු බලකාය විසින් පවත්වාගෙන යනු ලබන කොහු ආශ්රිත නිෂ්පාදන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම හා කිළිනොච්චි, මුලතිව්, විශ්වමඩු බලකායන්ට අයත් සාමාජික සාමාජිකාවන් ඇමතූ අධ්යක්ෂ ජනරාල් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි ප්රගමනය හා කාර්යය භාරය වෙනුවෙන් ඉටුකල යුතු රාජකාරි හා වගකීම් සම්බන්ධයෙන් භට පිරිස දැනුවත් කළ අතර එහිදි එම බලකායන්ට අයත් සාමජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙත අභ්‍යාස පොත් ප්‍රදානයන් ද සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් එච්ඒඩීඑම් සරත්චන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.
- விவரங்கள்
සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳව දැනුම අවබෝධය ලබා දීම සඳහා තොරාගත් සිවිල් ආරක්ෂක සාමාජිකයින් 75 දෙනකු වෙනුවෙන් 2024 ජනවාරි මස 03 වන දින සේරුපිට පුහුණු පාසලේදී ආරම්භ කළ සිවිල් ආරක්ෂක දෙපර්තමේන්තු පොලිස් පුහුණු පාඨමාලාවේ (පළමු අදියර) විසිරයාමේ පෙළපාලිය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 12 වන දින සේරුපිට පුහුණු පාසලේදී පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්ගේ සංකල්පයකට හා මඟපෙන්වීම අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේහි ගරුත්වය හා ප්‍රතිරූපය තවදුරටත් නගා සිටුවීම සඳහා සේවයේ යෙදී සිටින සාමාජික/ සාමාජිකාවන් වෙතින් සිදුවන විනය විරෝධීක්‍රියා හා අක්‍රමිකතා මඟහරවා ගැනීමේ අරමුණ පෙරදැරිව අභිමානවත් විනයගරුක සිවිල් ආරක්ෂක සාමාජිකයෙකු බිහි කිරීම තුලින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් අංශය ස්ථාපිත කරන ලදී.
පාඨමාලාව තුළදී සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම වෙනුවෙන් නිල ඇදුම් රෙගුලාසි, ආචාර විධි, උත්සව විධි, චාරිත්‍රාණුකූල රාජකාරි, ලිපි ලේඛණ පරීක්ෂා කිරීම, ආයතන සංග්‍රහය සහ නිවාඩු ප්‍රතිපත්ති, මානව හිමිකම් ගැටළු, මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ හඳුනා ගැනීම, නිවැරදි පරීක්ෂාවන් සිදුකරන ආකාරයන්, සිවිල් නීතිය, බුද්ධි තොරතුරු රැස් කිරීම, රාජ්‍ය ආයතනයන්හි රාජකාරි ස්වභාවය, මුදල් රෙගුලාසි හා මුදල් පරිහරණය කිරීමේ පිළිවෙත්, ව්‍යාපෘතින් පවත්වාගෙනයෑමේ ක්‍රමවේදයන් සහ ඉහත විෂයන් සම්බන්ධයෙන් නඩත්තු කළයුතු ලිපි ලේඛණ පිළිබදව දැනුම හා සමාජ මාධ්‍ය ජාලා භාවිතය ආදි කරුණු ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ දේශන පවත්වන ලදී.
පාඨමාලාවේ කාර්යක්ෂම සාමාජිකාව වශයෙන් කතරගම බලකායේ කාන්තා ජ්‍යෙෂ්ඨ නියාමක එෆ් 014502 එස්ඩීකේ ජයමිණි හා කාර්යක්ෂම සාමාජිකයා මහනුවර බලකායේ උප නියාමක එම් 022345 එම්එම්ජීඑස් හේරත් විසින් සහතික හිමි කර ගන්නා ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි අතුළු සිවිල් ආරක්ෂක සාමාජිකයින් සහ පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් සාමාජිකයින්ගේ ඥාතීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
- விவரங்கள்
උදා වූ 2024 නව වසරේ රාජකාරී ආරම්භ කිරීම හා රාජ්‍ය සේවා ප්‍රතිඥාව කියවීමේ උත්සවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි මස 01 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පැවත්විය.
“සවිමත් අනාගතයකට පෙරවදනක්” යන තේමාව යටතේ අප මාතෘ භූමිය වෙනුවෙන් වත්මන් ජාත්‍යන්තර ප්රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයකට පදනම සැපයීමේ රජයේ ප්රතිපත්තීමය කටයුතු සඳහා හැකි උපරිම අයුරින් දායකත්වය ලබා දීම උදෙසා පැවරුණ රාජකාරින්, වගකීම් සහ කාර්යයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ගෞරවයක් ඇති වන අයුරින් තමා වෙත පැවැරෙන රාජකාරි කාර්යක්ෂම සහ ප්රතිඵලදායි ලෙස ඉටු කිරීමට අධිෂ්ඨාන කරගනිමින් නව වසරේ දී රාජකාරි ඉටුකරන ලෙස උපදෙස් ලබාදුන් අධ්යක්ෂ ජනරාල් තුමා ගෙවී ගිය වසර තුළදී දෙපාර්තමේන්තුවේ උන්නතිය හා ප්‍රගතිය වෙනුවෙන් තම රාජකාරින් ඉටු කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික/සාමාජිකාවන් හට ද ස්තූතිය පුද කරන ලදී.
තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමෙහිලා අභීතව සටන් වැද තම ජීවිතය පුද දුන් හා රණක්ෂිතයට පත් වු සියලුම සිවිල් ආරක්ෂක රණවිරුවන් ඉමහත් ගෞරවයෙන් සිහිපත් කළ අධ්යක්ෂ ජනරාල්තුමන් ඔවුන්ගේ පවුල්වල සාමාජික/සාමාජිකාවන් හටද, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියුතු සියලු නිලධාරි, සෙසු සාමාජික/සාමාජිකාවන්ට හා සිවිල් සේවක මහත්ම/මහත්මියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික/සාමාජිකාවන් හට සාමය, සතුට සපිරි වාසනාවන්ත සුභ නව වසරක් සඳහා සුභාශිංෂණ එක් කරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සිවිල් මහත්ම/මහත්මියන් අතුළු ත්‍රිවිධ හමුදා පොලිස් සෙසු නිලයන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ රාජකාරි කරන සියලු සාමාජික/ සමාජිකවන් සහභාගී වන ලදී.
- விவரங்கள்
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්ගේ සංකල්පයකට හා මඟපෙන්වීම අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේහි ගරුත්වය හා ප්‍රතිරූපය නගා සිටුවීම සඳහා සේවයේ යෙදී සිටින සාමාජික/ සාමාජිකාවන් වෙතින් සිදුවන විනය විරෝධීක්‍රියා හා අක්‍රමිකතා මඟහරවා ගැනීමේ අරමුණ පෙරදැරිව සහ විනය විරෝධී හා අක්‍රමිකතා විමර්ශණය කිරීම සඳහා පෙර පැවති සිවිල් ආරක්ෂක විමර්ශණ ඒකකය ප්‍රතිව්‍යුහගත කර පිහිටුවන ලද විශේෂ විමර්ශණ එකකය සඳහා වූ නවීකරණය කරන ලද ගොඩනැගිල්ල විශේෂ විමර්ශණ එකකයේ අණභාර නිලධාරි කපිතාන් එන්සීපීඑන් නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන්, 2023 දෙසැම්බර් මස 21 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කොට නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂක සාමාජිකයින්ට සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබා දීම තුලින් විනය කඩකරන්නන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගනිමින් රාජකාරිමය කටයුතු සිදුකිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කරගනිමින්, අභිමානවත් විනයගරුක සිවිල් ආරක්ෂක සාමාජිකයෙකු බිහි කිරීම තුලින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම සඳහා මෙම පොලිස් ඒකකය ස්ථාපිත කරන ලදී. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් හා මාණ්ඩලික නිලධාරින් අතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නව විශේෂ විමර්ශණ ඒකකයට අනුයුක්තව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පොලිස් සාමාජිකයින් දිවයින පුරා විහිදී ඇති බලකා / පුහුණු පාසල් වෙත අනුයුක්ත කර බලකායන්හි රාජකාරි සිදුකිරීමේදී සාමාජිකයින්ගෙන් සිදුවන අක්‍රමිකතා හා විනය විරෝධී ක්‍රියාවන් අවම කර ගැනීම සඳහා සිවිල් ආරක්ෂක පොලිස් රාජකාරි පිළිබඳව දැනුම අවබෝධය ලබා දීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක සාමාජිකයින් 75 දෙනකුගේ සහභාගීත්වයෙන් පොලිස් පුහුණු පාඨමාලාවේ පළමු අදියර 2024 ජනවාරි මස 03 වන දින සේරුපිට පුහුණු පාසලේදී අරම්භ කිරීමට නියමිතව ඇත.
- விவரங்கள்