වසර 2300කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික කූරගල රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය වතුකුඹුරේ ධම්මරතන හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ‘යලි පිබිදෙන කූරගල’ මැයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උපකාර ඇතිව යුධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් අභිනවයෙන් ඉදිකෙරුණු විහාරාංග වසරකට අඩු කාලසීමාවක් තුල ඉදිකිරීම් අවසන් කර ලෝකවාසී බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා සඟසතුකොට පූජාකිරීමේ පුන්යෝත්සවය 2022 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව වෙසක් පුන් පොහෝය දින පවත්වන්නට යෙදුණි.
එයට සමගාමීව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනාරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ අධ්යක්ෂ පිරිස් පාලන කර්නල් එස්ඩබ්එස්පීඒඩබ්එම්ආර්ජේඑස්බී රත්වත්තේ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2022 මැයි මස 19 වන දින ගිලන්පස බුද්ධ පූජාව, බැති ගී ගායනය, වෙසක් කූඩු ප්‍රදර්ශණය සහ දන්සල කූරගල පූජා භූමියේදී පවත්වන්නට යෙදුණු අතර එම අවස්ථාව සඳහා කතරගම බලකා අණදෙන නිලධාරි කර්නල්එල්ජීකේ කිත්සිරි, කූරගල විශේෂ ව්‍යාපෘති භාර නිලධාරී මේජර් ආර්එස්එම් විජේසිංහ යන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජික සාමාජිකවන්ද සහභාගී විය.
ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන්ගේ රුධිරය, දහදිය, කඳුළු මතින් වසර 30ක් පුරා පැවති කුරිරු එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදය ලක් ධරණී තලයෙන් මුලිනුපුටා දමා වසර 13ක් සැමරීමේ ජාතික උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල දී 2022 මැයි මස 19 වන දින පවත්වන්නට යෙදුණු අතර මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති තුමන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාද සහභාගි විය.
දශක තුනක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුඳවා ගැනීමේ ක්‍රියාන්විත වලදී ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව මහත් වූ සේවයක් ඉටු කරමින්, තර්ජිත ගම්මාන ආරක්ෂා කරමින්, ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරී කළ ත්‍රිවිධ හමුදාවට සහයෝගය ලබා දෙමින් නිදහස් දේශයක් මතු පරපුර උදෙසා දායාද කිරීමේ ක්‍රියාන්විතයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික සාමාජිකාවන් 545 දෙනෙකු මාතෘ භූමිය වෙනුවෙන් තම ජිවිත පුජා කළ අතර 423 දෙනෙකු රණක්ෂිතයට පත්විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ උපදෙස් පරිදි මූලික පුහුණුව හදාරා නොමැති සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සඳහා ගල්කිරියාගම උසස් පුහුණු පාසලේදී ආරම්භ කරන ලද සති 06ක මූලික පුහුණු පාඨමාලාව අවසන් කිරීමෙන් අනතුරුව විසිර යන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 61 දෙනෙකු වෙනුවෙන් සහතික පත් ප්රදානය කිරීම 2022 අප්‍රේල් මස 10 වන දින ගල්කිරියාගම උසස් පුහුණු පාසලේදී පවත්වනට යෙදුණි.
මෙම සහතික පත් ප්රදානය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් යූඑන් සේරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ පුහුණු කර්නල් ජේකේඑන්එස් ජයසිංහ සහ ගල්කිරියාගම උසස් පුහුණු පාසලේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩීආර් තාරුකාරත්නද සහභාගී විය.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂකතුමා විසින් එම රෝහල් පරිශ්‍රය පිළිසකර කර පින්තාරු කිරීම සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන මෙන් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ඩීආර්ජේ කරුණාරත්න වෙත ලබාදුන් උපදෙස් ප්‍රකාරව දින හතරක් වැනි කාලයක් තුළදී මහනුවර බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේ වාට්ටු කිහිපයක් පිළිසකර කර පින්තාරු කිරීම සිදු කරන ලදී.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද 2021 අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ වේදිකා නාට්‍ය අංශය සඳහා ඉදිරිපත් කළ “සේපාලිකා” වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වෙන්නවත්ත බලකායට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක උප නියාමක එම්පීඑන්එල් රත්නායක විසින් දිනා ගන්නා ලදී.
මෙම ජයග්‍රහණය ලැබූ සිවිල් ආරක්ෂක සාමාජිකයා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 අප්‍රේල් මස 04 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයට කැඳවා විශේෂ ඇගයීමට ලක් කරමින් එතුමාගේ සහ දෙපාර්තමේන්තුවේ සුභාශිංසන එක් කරන ලදී.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් තංගල්ල මහා රෝහලේ සිව් මහල් වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය ලබා දෙන මෙන් අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන් ගෙන් කළ ඉල්ලීමට අනුව කතරගම බලකා අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්ජීකේ කිත්සිරි නිලධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයකින එම ඉදිකිරීම් සඳහා ලබා දෙන ලදී.
මෙම ඉදිකිරීම් වල ප්‍රගතිය අධ්යක්ෂ ජනරාල්තුමාගේ නිරන්තර අධීක්ෂයට ලක් කෙරෙන අතර, වාට්ටු සංකීරණයේ ඉදිකිරීම් කඩිනමින් උසස් ප්‍රමිතියෙන් යුක්තව අවසන් කිරීමට අවශ්‍ය උපදෙස් අදාල පාර්ශවයන්ට ලබා දීම ද සිදුකරයි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 26 වන දින පහළලන්ද පුහුණු පාසලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
එහිදි අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් බීඑච්ඩී පත්මකුමාර නිලධාරි හා පුහුණු පාසලේ සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් 455 දෙනෙකුගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවෙන දීඝවාපිය චෛත්‍ය ඉදිකිරීම් කටයුතු පිළිබදව සොයා බලා එම ඉදිකිරීම් කාර්යක්ෂමව නිම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දුන් අධ්යක්ෂ ජනරාල් තුමා මේ සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙන සිවිල් ආරක්ෂක සාමාජිකයිගේ සුභ සාධන කටයුතු සම්බන්ධයෙන්ද සොයා බලන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 25 වන දින අම්පාර බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
අම්පාර බලකාය මගින් පවත්වාගෙන යනු ලබන මැටි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපෘතිය, කාබනික පොහොර ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘතින් අධ්යක්ෂ ජනරාල් තුමා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූටීඑන් පෙරේරා නිලධාරි හා බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමා 2022 මාර්තු මස 24 වන දින උහන බලකායේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
උහන බලකාය මගින් පවත්වාගෙන යනු ලබන කාබනික පොහොර ව්‍යාපෘතිය හා අනෙකුත් ව්‍යාපෘතින් අධ්යක්ෂ ජනරාල් තුමා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒආර්ඩී ද සිල්වා නිලධාරි හා බලකා සාමාජික සාමාජිකාවන් අමතා ඉදිරියටත් දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරින් ඉටු කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී.
ඉන් අනතුරුව අධ්යක්ෂ ජනරාල් තුමා අංක 26 රුහුණුගම නව ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්රාස්ත්රපති පූජ්‍ය මිනිපේ විජිත නා හිමි, ගලපිටගල පූර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති කලකුගම පුණ්ණසාර හිමි හා ශ්‍රී පුෂ්පාරාම විහාරයේ විහාරාධිපති උතුරු නැගෙනහිර සිංහල සංගමයේ සභාපති සේනාධිපතියේ ආනන්ද නා හිමි බැහැ දැක විහාරස්ථානයන්හි ඉදිකිරීම් සඳහා සිවිල් ආරක්ෂක සාමාජිකයින් විසින් ලබා දෙනු ලබන ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.