-
“ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරි කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් ලමාහේවාගේ මැතිණියගේ හා අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2023 මාර්තු මස 08 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි.
ශ්‍රී ලාංකීය කාන්තාවගේ අභිමානය හා වර්තමානයේ කාන්තාවට හිමි අයිතිවාසිකම් පිළිබඳව හරවත් සංවාදයක් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රවින දේශක ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මැතිතුමා සහ ජාතික රූපවාහිනියේ නිවේදිකා ප්‍රභා රාජගුරු විසින් මෙහෙයවන ලද අතර, මානසික රෝග විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක කමල් එස් ජයසේකර මැතිතුමා විසින් කාන්තා දින සැමරුම වෙනුවෙන් හරවත් දේශනයක් පවත්වන ලදි. සහභාගී වූ සියලුම සිවිල් ආරක්ෂක සාමාජිකාවන් වෙනුවෙන් දිනුම් ඇදිමකින් තිලිණ ප්රදානය කිරීම ද සිදු කරන ලදී.
ප්‍රජා පොලිස් හා පාරිසරික දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මැතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවන් හා ප්‍රවීන රංගනවේදී අනුර ශ්‍රීනාත් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
-
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතී සඳහා අවශ්‍ය කරනු ලබන බීජ වර්ග දෙපාර්තමේන්තුව තුළම නිපදවා ගැනීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීම සඳහා 2023 පෙබරවාරි මස 14 වන දින සිට 16 වන දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූල්‍ය දායකත්වයෙන් ස්වයං බීජ නිපදවීමේ තෙදින නේවාසික වැඩමුළුවක් මහඉලුප්පල්ලම සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතනයේ දී පවත්වන ලදී.
අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්යක්ෂ ව්‍යාපෘති බ්‍රිගේඩියර් අනුර දිසානායකගේ සම්බන්නධීකරණයෙන් උතුරුමැද පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක සහ මහඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ මැදිහත්වීමෙන් මෙම වැඩමුළුව සංවිධානය කළ අතර ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධණ අයතනයේ නිලධාරින් හා ගොවිපළ කළමණාකරු විසින් දේශණ මෙහෙයවන ලදී.
ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි ව්‍යාපෘති මේජර් ජගත් විජේතුංග ඇතුළු කෘෂි ව්‍යාපෘතින් හි නියැලෙන සිවිල් ආරක්ෂක සාමජිකයින් 30 දෙනෙකු මේ සඳහා සහභාගී වූ අතර වැඩමුළුව අවසානයේ උතුරු මැද පළාත් කෘෂිකර්ම ආයතනය මගින් සහතික පතක් ද පිරිනමන ලදී.
-
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරින්, සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා නිදහස් දින පෙළපාලිය සඳහා සහාය දැක්වූ සියලුම අයවලුන් ඇගයීමට ලක් කරමින් 2023 පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් සමරු පෙළපාලියෙන් අනතුරුව විහාරමහාදේවි උද්‍යානයේ දී අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් ප්රදානය කරන ලදී.
එහිදී 75 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ සියලුම නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් අමතා සුභාෂිංසන එක් කළ අධ්යක්ෂ ජනරාල් තුමා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කීර්තියක් හා අභිමානයක් ලබා දෙමින් ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් කෘතඥපූර්වක ස්තුතිය ද පුදකරන ලදී. මෙම අවස්ථාව සඳහා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී විය.
-
සේවා වනිතා ඒකකය මගින් 2023 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි උපේන්ද්‍රා කාරියවසම් ලමාහේවාගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සේවා වනිතා කමිටු සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කාරක සභා රැස්වීම 2023 පෙබරවාරි මස 17 වන දින මූලස්ථාන සාකච්ඡා ශාලාවේදී පවත්වන ලදී.
සේවාවනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් දෙපාර්තමේන්තු මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන කාන්තා උප නියාමක 3273 දිල්හානි පෙරේරා යන අයගේ රෝගී තත්වයෙන් පෙළෙන දියණිය වෙනුවෙන් සුව පහසු රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ මුදල් රොෂාණි බුලත්සිංහල මහත්මිය හා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරන නිලධාරි ලුතිතන් කර්නල් විජිත ද සිල්වා සහභාගීවිය.
-
මාතෘ භූමියේ තිරසර සංවර්ධනය නංවාලීම සඳහා උපරිම දායකත්වය ලබා දෙමින් මෙම වසරේදී “සියවසට පියවරක් ” යන තේමාව යටතේ 75 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 04 වන අද දින ගාළු මුවදොරදී උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සමඟින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ සම්මාන පෙළපාලිය සඳහා අභිමානවත් අයුරින් සහභාගී විය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත බටහිර තූර්යවාදක කණ්ඩායම සමඟ නිලධාරින් 16 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 364 දෙනෙකු මෙවර සම්මාන පෙළපාලියේ ගෞරවාන්විතව ගමන් ගන්නා ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ධජය මේජර් ජගත් විජේතුංග විසින් රැගෙන යන ලද අතර, සම්මාන පෙළපාලියේ අණ දෙන්නා ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් දුමින්ද රසික කුමාර සහ පෙළපාලියේ පසුපසින් ගමන් කරන්නා ලෙස පස්වන ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරි ඩීඑම් සෙනෙවිරත්න කටයුතු කරන ලදී.
පිරිමි සම්මාන කණ්ඩය ලුතිතන් කර්නල් දුමින්ද රසික කුමාරගේ අණදීම යටතේ කණ්ඩ භාර යුධ හමුදා නිලධාරින් තිදෙනෙකු සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81 දෙනෙකුගෙන් සමන්විතව ගමන් ගත් අතර, සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරිනියන් හතර දෙනෙකුගෙන් හා සිවිල් ආරක්ෂක සාමාජිකාවන් 81 දෙනෙකුගෙන් සමන්විත කාන්තා සම්මාන කණ්ඩය මේජර් චමිල අකලංකගේ අණදීම යටතේ ගමන් කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නන්දිමිත්ර බලකායට අයත් විශේෂ ප්‍රහාරක කණ්ඩය මේජර් උදිත සිල්වාගේ අණදීම යටතේ කණ්ඩ භාර සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් හතර දෙනෙකුගෙන් හා නන්දිමිත්ර විශේෂ පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81 දෙනෙකුගෙන් සමන්විතව 75 වන නිදහස් දින සැමරුම් පෙළපාලියේ තම ආචාරය පිරිනමමින් ගමන් කරන ලදී.