සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරන සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 30 දෙනෙකු සඳහා දීර්ඝසේවා පදක්කම් ප්රදානය කිරීම අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමාගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 14 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි.
1985 දී ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සහායක හමුදාවක් ලෙස ස්ථාපනය කළ ග්රාමාරක්ෂක සේවය 2006 දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නමින් ස්ථාපනය කරන ලද අතර තම මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවයට එක්වී වසර 15ක අඛණ්ඩ සහ නිකළැල් සේවා කාලයක් හිමි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මෙම පදක්කම් ප්රදානය කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කර විශ්‍රාමගන්වන ලද ජ්‍යෙෂ්ඨ නියාමකවරුන් තිදෙනකු සඳහා සමරු තිළිණද ප්රදානය කිරීම අධ්යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කරන ලදි.