“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන තේමාව යටතේ 74 වන ජාතික නිදහස් දින ප්‍රධාන සැමරුම් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අභිමානවත් ලෙස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති හා සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 04 වන අද දින පවත්වන ලදී.
ත්‍රිවිධ හමුදා හා ශ්‍රී ලංකා පොලිස් භට පිරිස් සමඟ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බටහිර තූර්යවාදක කණ්ඩායම හා දෙපාර්තමේන්තු ධජය පෙරටු කරගනිමින් නිලධාරීන් 14 දෙනෙකුගෙන් සහ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 421ක් දෙනෙකුගෙන් සමන්විතව 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සව පෙළපාලිය සඳහා අභිමානයෙන් සහභාගී විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) මැතිතුමන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පෙළපාලියේ අණ දෙන්නා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ලුතිනන් කර්නල් කමල් දයාප්‍රිය ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කළ අතර, පෙළපාලියේ රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස පස්වන ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරී ඩීඑම් සෙනෙවිරත්න කටයුතු කළේය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පළවන (පිරිමි) සම්මාන සරඹ කාණ්ඩය මේජර් සෙනෙවි දිසානායකගේ අණදීම යටතේ කණ්ඩ භාර යුධ හමුදා නිලධාරින් තිදෙනෙකුගෙන් සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81කින් සමන්විත වූ අතර, දෙවන (කාන්තා) සම්මාන සරඹ කාණ්ඩය ලුතිනන් කොමාණ්ඩර් ඉන්දික පුෂ්ප කුමාරගේ අණදීම යටතේ කණ්ඩ භාර දිස්ත්‍රික් නිලධාරීනියන් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක සාමාජිකාවන් 90කින් සමන්විත විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නන්දිමිත්ර බලකායට අයත් විශේෂ ප්‍රහාරක කණ්ඩය තුන්වන සරඹ කාණ්ඩය ලෙස ලුතිතන් කොමාණ්ඩර් නිමල් ලංකාගේ අණදීම යටතේ කණ්ඩ භාර දිස්ත්‍රික් නිලධාරීන් තිදෙනෙකු හා නන්ද්රිමිත්ර විශේෂ පුහුණුව ලැබූ සිවිල් ආරක්ෂක සාමාජිකයින් 81කින් සමන්විතව 74 වන නිදහස් දින සැමරුම් පෙළපාලියේ ගෞරවාන්විතව තම ආචාරය පිරිනමමින් ගමන් කරන ලදී.