සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ දෙපාර්තමේන්තුවට අනුයුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරින්, සිවිල් ආරක්ෂක දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් හා නිදහස් දින පෙළපාලිය සඳහා සහාය දැක්වූ සියලුම අයවලුන් ඇගයීමට ලක් කරමින් 2023 පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් සමරු පෙළපාලියෙන් අනතුරුව විහාරමහාදේවි උද්‍යානයේ දී අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සහතිකපත් ප්රදානය කරන ලදී.
එහිදී 75 වන ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා සහභාගී වූ සියලුම නිලධාරින් හා සාමාජික සාමාජිකාවන් අමතා සුභාෂිංසන එක් කළ අධ්යක්ෂ ජනරාල් තුමා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කීර්තියක් හා අභිමානයක් ලබා දෙමින් ජාතික නිදහස් දින පෙළපාලිය සඳහා සහභාගී වීම සම්බන්ධයෙන් කෘතඥපූර්වක ස්තුතිය ද පුදකරන ලදී. මෙම අවස්ථාව සඳහා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී විය.