“ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරි කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි උපේන්ද්‍රා කාරියවසම් ලමාහේවාගේ මැතිණියගේ හා අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යාන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2023 මාර්තු මස 08 වන දින දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන්නට යෙදුණි.
ශ්‍රී ලාංකීය කාන්තාවගේ අභිමානය හා වර්තමානයේ කාන්තාවට හිමි අයිතිවාසිකම් පිළිබඳව හරවත් සංවාදයක් ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රජා පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රවින දේශක ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මැතිතුමා සහ ජාතික රූපවාහිනියේ නිවේදිකා ප්‍රභා රාජගුරු විසින් මෙහෙයවන ලද අතර, මානසික රෝග විශේෂඥ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක කමල් එස් ජයසේකර මැතිතුමා විසින් කාන්තා දින සැමරුම වෙනුවෙන් හරවත් දේශනයක් පවත්වන ලදි. සහභාගී වූ සියලුම සිවිල් ආරක්ෂක සාමාජිකාවන් වෙනුවෙන් දිනුම් ඇදිමකින් තිලිණ ප්රදානය කිරීම ද සිදු කරන ලදී.
ප්‍රජා පොලිස් හා පාරිසරික දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ඩයස් මැතිතුමා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවන් හා ප්‍රවීන රංගනවේදී අනුර ශ්‍රීනාත් මහතා ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.