සේවා වනිතා ඒකකයේ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කළ කොවුල් අසිරිය බක්මහ උළෙල හා සේවා වනිතා අවුරුදු පොළ 2023 අප්‍රේල් මස 11 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ ප්‍රදානත්වයෙන්, අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
රබන් ගැසීම, කණාමුට්ටි බිදීම, බනිස් කෑම, ලොකුම බැළුනය පිම්බීම, පොල්අතු විවීම, සීපද ගායනය, පොල් ගෑමේ තරඟය, විවිධ ඇදුම් තරඟය, බක්මහ කුමරිය හා කුමරා තේරිමේ තරඟය ඇතුළු අවුරුදු ක්‍රීඩා හා සංස්කෘතික අංග රැසකින් කොවුල් අසිරිය බක්මහ උළෙල වර්ණවත් විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපෘතීන්හි නිෂ්පාදිත සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, එළවළු, පළතුරු වැනි කෘෂි නිෂ්පාදන හා අත්කම් භාණ්ඩ ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය ආදිය සේවා වනිතා අවුරුදු පොළහි සහන මිලට අලෙවි කළ අතර, මෙම අවස්ථාව සඳහා ත්‍රවිධ හමුදා, පොලිස් නිලධාරින්, සිවිල් කාර්ය මණ්ඩල නිලධාරින් ඇතුළු මූලස්ථානයේ රාජකාරී කරන සියලුම අයවළුන් සහභාගී විය.