මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ (විශ්‍රා) ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වසර දෙකක කාලයක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධුරය හෙබවීමෙන් අනතුරුව 2023 ජූලි මස 12 වන දින එම ධුරයෙන් සමුගන්නා ලදී.
යුද්ධ හමුදාවේ වසර 35ක විශිෂ්ඨ සේවයක් ඉටු කර විශ්‍රාම ගැන්වීමෙන් අනතුරුව 2021 ජූලි මස 12 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 09 වන අධ්යක්ෂ ජනරාල් වශයෙන් රාජකාරී භාර ගත් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවාගේ මැතිතුමන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් මහඟු මෙහෙවරක් ඉටුකරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළමට්ටමකට ගෙන ඒමට නිවැරදි මාර්ගෝපදේශකත්වයක් ලබා දෙන ලදී.
ගාල්ල මහින්ද විද්‍යාලයෙන් හා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1986 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණුව ඉතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට බැදී දේශීය හා විදේශීය විශේෂ පාඨමාලා හදාරා ඇති එතුමා, දශක තුනක් මුළුල්ලේ පැවති කුරිරු එල්ටීටීඊ ත්රස්තයන් හමුවේ යුද්ධයේදී දක්වන ලද විශිෂ්ඨ දක්ෂතා වෙනුවෙන් රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කමෙන් තුන්වතාවක් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.