" දිවි හිමියෙන් රට රකිමු" තේමාව යටතේ ප්‍රතිසංවිධානය කල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දශක තුනක් මුළුල්ලේ පැවති යුද්ධයේදී මායිම් ගම්මාන ආරක්ෂා කිරීම සඳහා ත්රස්තවාදයට එරෙහිව අභීතව සටන් කොට මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම සඳහා තම රුධිරය මිහිතලය මත දායාද කරමින් ජීවිතක්ෂයට පත් වීරෝධාර භටවරියන් 11 දෙනෙකු භටවරයන් 534 දෙනෙකු සහ රණක්ෂිතයට පත් 545 දෙනෙකු, සිහිපත් කරමින් අනුරාධපුර මිහින්තලේ ඉදිකර ඇති මෙම දෙපාර්තමේන්තු රණවිරු ස්මාරකය අභියසදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමන් සහ දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණියගේ ප්‍රධානත්වයෙන්, දෙපාර්තමේන්තු අධ්යක්ෂ මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරින් , බලකා අණදෙන නිලධාරින් දිස්ත්‍රික් නිලධාරින් මෙන්ම ජ්‍යෙෂ්ඨ නියාමක උප නියාමක සහ භට භටවරියන්ගේ සහභාගීත්වයෙන් 2023.09.07 වන දින පස්වරුවේ පුෂ්පෝපහාර පුදකර අභිමානවත් අයුරින් සිහිකරන ලදී.