15වන ජාතික රණවිරු සැමරුම් උළෙල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 19 වන දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පවත්වන ලදී.
දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන්, මාතෘභූමියේ උත්තරීතර නිදහස උදා කර ගැනීම සඳහා තම ජිවිත කැප කරමින් මානූෂිය මෙහෙයුම දියත් කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කළ අතර, යුද ජයග්‍රහණය සඳහා තම දායකත්ව ලබා දී උත්තරීතර කැපකිරීම් කළ එවකට ත්‍රිවිධ හමුදාධිපතිවරුන් හා වත්මන් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පිරිනමන ලදී.
මාතෘ භූමියේ ඒකීභාවය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් 545 දෙනෙකු ඇතුළු සියලුම රණවිරුවන් සිහිකරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියාව) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුද කරන ලදී.
රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කළ අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු රණවිරුවන්ගේ ඥාතීන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් දිවි පිදූ විරුවන් වෙනුවෙන් සිය ගෞරවාචාරය පුද කරන ලදී.