ප්‍රතිනිර්මාණය වෙමින් පවතින ඓතිහාසික දීඝවාපි සෑ රඳුන්ගේ ධාතු ගර්භයෙහි සර්වඥ ධාතූන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාද හා සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 ජූලි 14 වන දින උත්කර්ශවත් අයුරින් සිදුකරන ලදී.
මෙම අවස්ථාවට, සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සමඟින් ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කොමසාරිස් ජෙනරාල් හා මැති ඇමතිවරුන් ඇතුළු සැදැහවත් පින්වතුන් සහභාගීවිය.
දීඝවාපි සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමෙන් අනතුරුව පස්වරු පැවති සම්බුද්ධ පූජාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අම්පාර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊආර්කේ එදිරිමුණි ආර්ඩබ්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අම්පාර බලකා සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලදී.
බෞද්ධ සිද්ධස්ථාන අතරින් ප්රමුඛ ස්ථානයෙහිලා සැලකෙන සොලොස්මස්ථානයන්ට අයත් මෙම ඓතිහාසික දීඝවාපිය පුදබිමේ ප්‍රතිනිර්මාණය වන චෛත්‍ය රාජයානන්ගේ ඉදිකිරීම් කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. මෙම චෛත්‍ය ගොඩනැගීම සඳහා අවශ්‍ය ගඩොළු නිපදවීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු භට පිරිස් විසින් සිදුකරනු ලබයි.