සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ත්‍රිකුණාමලය බලකායට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී මිය ගිය උප නියාමක 65317 එන්පී සරත් යන සිවිල් ආරක්ෂක සාමාජිකයාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පිළියන්දල ජබුරලිය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිලිනි කෝදාගොඩ මැතිණිය විසින් 2024 අගෝස්තු මස 02 වන දින සුභ මොහොතින් විවෘත කර මිය ගිය උප නියාමකවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත භාර දෙන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවාවනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ත්‍රිකුණාමලය බලකා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා ත්‍රිකුණාමලය බලකා අණදෙන නිලධාරි මේජර් කේසී අකලංක ආර්එස්පී, සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකා මහේෂි පෙරේරා මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සහභාගී විය.