සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජික, සාමාජිකාවන් වෙතින් ප්රතිඵලදායී උසස් සේවාවක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමේ අරමුණින් සුභ සාධක සාකච්ඡාවක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 13වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මුලස්ථාන සාකච්ඡා ශාලාවේදී පවත්වන ලදි.
මෙම සාකච්ඡාව සඳහා අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සියලුම බලකා,පුහුණු පාසල්, විශේෂ ව්‍යාපෘති නියෝජනය කරමින් බලකා විනය පාලකවරුන් හා සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකවන් සහභාගී විය.
මෙම සාකච්ඡාවේදී අධ්යක්ෂ ජනරාල් තුමා විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු බලකා හා පුහුණු පාසල් වෙතින් ඉදිරිපත් කරන ලද සුභ සාධක කටයුතු සම්බන්ධ යෝජනා, අදහස් හා ගැටළු සඳහා අවශ්‍ය විසදුම්, උපදෙස් හා මඟපෙන්වීම් අධ්යක්ෂ මණ්ඩලයට ලබා දුන් අතර, ඉදිරියේදී සිදුකළ යුතු සුභ සාධක කාර්යන් පිළිබඳව ද දැනුවත් කරන ලදි.