ජාතික ආර්ථික සංවර්ධනය නඟා සිටුවීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘති අතරින් නව තාක්ෂණය හා දැනුම භාවිතා කරමින් අඩු ශ්රමයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් කැබිතිගොල්ලෑව බලකාය ප්‍රමුඛකර ගනිමින් කිළිනොච්චිය, වවුනියාව හා සේරුවිල බලකා මගින් පවත්වාගෙන යනු ලබන හරිතාගාර මිරිස් වගාවේ අස්වනු නෙලීම ආරම්භ කරන ලදී.
සිවිල් ආරක්ෂ දොපර්තමේන්තුවේ බලකා අණදෙන නිලධාරින්ගේ හා හරිතාගාර මිරිස් ව්‍යාපෘති භාර සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන්ගේ උනන්දුව හා කැපවීම මත අඩු ඉඩම් ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් 2024 වර්ෂයේ අක්කර 7 ක ප්‍රමාණයක හරිතාගාර මිරිස් වගාව පවත්වාගෙන යන අතර අමු මිරිස් කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න අස්වැන්නක් නෙලා ගැනීමට අපේක්ෂිතය. 2023 වර්ෂයේදී හරිතාගාර මිරිස් වගාවෙන් අමු මිරිස් කිලෝ ග්‍රෑම්100538 පමණක් අලෙවි කර රුපියල් මිලියන 31කට ආසන්න මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.
මේ වන විට කැබිතිගොල්ලෑව, කිළිනොච්චි බලකා වල අස්වනු නෙලීම ආරම්භ කර අමු මිරිස් කිලෝ ග්‍රෑම් 4400ක අස්වැන්නක් වෙළඳපොළට අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 1.68 කට ආසන්න ආදායමක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කර ඇති අතර, මෙම හරිතාගාර මිරිස් වගාවෙන් ඉදිරියට මාස හයක පමණ කාලයක් අස්වනු නෙලීමේ හැකියාව ඇත.
සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් කැබිතිගොල්ලෑව බලකා මූලස්ථානයේදී මූලික ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් හා මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පරීක්ෂණ මධ්‍යස්ථානයේදී විශේෂ පුහුණු වැඩසටහනක් මගින් හරිතාගාර මිරිස් වගාව සම්බන්ධයෙන් පුහුණුව ලබා දීමෙන් අනතුරුව නිවැරදි තාක්ෂණයට අනුව හරිතාගාර මිරිස් වගා ව්‍යාපෘති ආරම්භ කරන ලදී.
|