ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහ සන්නද්ධ සේවාවන්ට ආධාර හා උපකාර කිරීමේ කාර්යය සඳහා පරිපූරක හමුදාවක් ලෙස ආරම්භ කළ “ග්රාමාරක්ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් “දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” නමින් ප්‍රතිසංවිධානය කර වසර 18 පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.
ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට, දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත්පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මහනුවර බලකා අණදෙන නිලධාරි ලුතිනල් කර්නල් එච්එම්එස්ඩීකේ හේරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු මහනුවර බලකා සාමාජික සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලද සම්බුද්ධ පූජාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ පාලන කර්නල් ඩීඩීඩී සේරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහභාගීතිවයෙන් 2024 සැප්තැම්බර් මස 02 වන දින ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පවත්වන ලදී.