සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර සැමරුමට සමගාමිව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මූලිකන්වයෙන් 2024 සැප්තැම්බර් මස 03 වන දින පිළියන්දල ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙන් විහාරාස්ථානයේ දී ආගමික වතාවත් පවත්වන ලදී.
ශ්‍රී විද්‍යාශාන්ති පිරිවෙන් විහාරාධිපති ප්‍රධාන මහා සංඝ රත්නය විසින් සෙත් පිරිත් සජ්ඡායනා කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට, දෙපාර්තමේන්තු ධජයට, බලකා ධජයයන වෙත හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියතු, විශ්‍රාමික හා යුද්ධයේදී රණක්ෂිතයට පත් සාමාජික සාමාජිකාවන් හට සෙත්පතා ආශිර්වාද කළ අතර, මාතෘ භුමියේ ඒකිය භාවය වෙනුවෙන් දිවිපුදු සිවිල් ආරක්ෂක සාමජික සාමජිකාවන් සිහිකර පුණ්‍යානුමෝදනාවක් සිදු කරන ලදී .
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය මගින් සංවිධානය කල මෙම සම්බුද්ධ පූජාව සහ පිරිත් සජ්ඡායනාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, අධ්යක්ෂ මණ්ඩලයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මූලස්ථාන අණදෙන නිලධාරි, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිළිනි කෝදාගොඩ මැතිණිය, ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දිස්ත්‍රික් නිලධාරින් හා සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් සහභාගී විය.