- විස්තර
2006 සැප්තැම්බර් මස 13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධ්යක්ෂ ජනරාල් වරයෙකු යටතේ නිසි පාලන ක්‍රම වේදයකට අනුව නිසි පුහුණුවක් සමඟින් සංග්‍රාමික නිල ඇඳුම් හා ටී 56 ස්වයංක්‍රීය ගිණි අවිය ලබා දී නව අන්‍යතාවක් සහිතව අභිමානවත් පිරිසක් ලෙස “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව” ප්‍රතිසංවිධානය කර වසර 18ක් සපීරීම නිමිත්තෙන් ප්‍රධාන සැමරුම් උත්සවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 13 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.
අධ්යක්ෂ ජනරාල් වෙත සම්මාන මුරය පිළිගැන්වීමෙන් අනතුරුව 18 වන සැමරුම් දිනය වෙනුවෙන් අතිරේක අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස් හා රාජ්‍ය පරිපාලන සේවයේ සියලුම නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරි, ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් හා සිවිල් සේවකයින් අමතමින්, “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ හිටපු අධ්යක්ෂ ජනරාල්වරුන් හා අනෙකුත් නිලධාරින් සහ නිලධාරිණියන් විසින් දැක්වූ නොමද දායකත්වය බෙහෙවින් අගය කළ අතර, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි කර යුධමය කාලසීමාව තුළ අප මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදු හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත් සිවිල් ආරක්ෂක රණවිරුවන් ද, දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සාමාජිකයින් ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරන ලදී.”
වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්යක්ෂ ජනරාල්, “සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව අභිමානවත් ලෙස ඉදිරියට පැමිණීමට සියලු දෙනා විසින් කැපවීමෙන් හා කාර්යක්ෂමව මේ වන තෙක් ලබාදුන් ඵලදායී දායකත්වය එලෙසම ඉදිරියටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රතිරූපය ඉහළ නංවා රාජ්‍ය සේවයේ කීර්තිමත් දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීම ද අපේක්ෂා කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 18 වන සැමරුම් දිනය අභිමානවත් ලෙස සමරන දිනයේදී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියුතු සියලුදෙනා ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි” සුභාශිංෂණ එක් කරන ලදී.
ඉන් අනතුරු අධ්යක්ෂ ජනරාල් තුමා සහ අතිරේක අධ්යක්ෂ ජනරාල් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ත්‍රිවිධ හමුදා, පොලිස් හා රාජ්‍ය පරිපාලන සේවයේ සියලුම නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරි, ත්‍රිවිධ හමුදා, පොලිස් සෙසු නිලයන් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් හා සිවිල් සේවකයින් සඳහා සෙසු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
සිවිල් ආරක්ෂක දොපර්තමේන්තුව ස්ථාපිත කරන ලද දිනයේ සිට මේ දක්වා උදාර සේවයක් සිදු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් වරප්‍රසාද වෙනුවෙන් දෙව් මහෝත්තමයාණන් වහන්සේට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කිරීම සඳහාත්, මින් ඉදිරියටත් චිරාත් කාලයක් මෙම දෙපාර්තමේන්තුවේ සේවය මව්බිම වෙනුවෙන් සිදු කිරීමට අවශ්‍ය වරප්‍රසාද ඉල්ලා සිටීම සඳහාත් වූ දිව්‍ය පූජාව 2024 සැප්තැම්බර් මස 12 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් විල්ලෝරවත්ත ශු. කාර්ලෝ බොරොමෙයෝ දෙව් මැදුරේදී සිදුකරන ලදි.
ක්‍රියාන්විත සේවයේදි ජිවිතක්ෂයට පත් වූ සිවිල් ආරක්ෂක සාමාජිකයන් 545 දෙනාගේ ආත්මයන්ට සැනසීම උදෙසා යාච්ඤා කිරීම සඳහාත්, පූර්ණ ආබාධිත තත්වයට පත් වූ 17 දෙනා ඇතුළු රණක්ෂිතයට පත් වූ 425 දෙනා සඳහා ශාරිරික සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලැබූ සියළු දෙනා හට සහ දැනට සේවයේ යෙදී සිටින සියළු දෙනාහට අශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහාත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 18 වන සංවත්සරය සැමරුම වෙනුවෙන් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මූලස්ථාන අණදෙන නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජිකයින් දෙවි සමිදුන් අභියස මෙම දිව්‍ය පූජාව සඳහා බැති සිතින් සහභාගි විය.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සරයට සමගාමීව දෙපාර්තමේන්තුවට, දෙපාර්තමේන්තු ධජයට, බලකා ධජයන් වෙත සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියුතු, විශ්‍රාමික හා යුද්ධයේදී රණක්ෂිතයට පත් හා සේවෙයේ නියුතු ඉස්ලාම් හා හින්දු භක්තික සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙත සෙත්පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි හින්දු හා ඉස්ලාම් ආගමික වතාවත් පවත්වන ලදී.
ඒ අනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මුලතිව්, කිළිනොච්චි හා විශ්වමඩු අණදෙන නිලධාරින්ගේ අධීක්ෂණය මත එම බලකා හින්දු භක්තික සාමාජික, සාමාජිකාවන් විසින් සංවිධානය කරන ලද දේව පූජාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය නියෝජනය කරමින් අධ්යක්ෂ පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු ( විශ්‍රාමික) හා නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රවාහන ලුතිනන් කර්නල් ඒඅයි හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 07 වන දින නඩනමිත්තාන් පිල්ලේයාර් හින්දු කෝවිලේ දී සිදු කරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අම්පාර බලකායේ ඉස්ලාම් භක්තික සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද දුආ ප්‍රර්ථනා වැඩසටහන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අම්පාර බලකා අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඊආර්කේ එදිරිමුණි ආර්ඩබ්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 09 වන දින අම්පාර වරිපතන්වේනි නූර් පල්ලියේදී සිදු කරන ලදි.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18වන සංවත්සර සැමරුමට සමගාමීව මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කර ගැනීම උදෙසා ක්‍රියාන්විත රාජකාරීන්හි දී තම ජීවිතය පුද කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ විරෝධාර සාමාජික සාමාජිකාවන් 545 දෙනෙකු සිහිකරමින් පුෂ්පෝපහාර පුදකිරිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 2024 සැප්තැම්බර් මස 09 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මිහින්තලය රණවිරු ස්මාරකය අභියසදී සිදුකරන ලදි.
පරිපූරක හමුදාවක් ලෙස තම දිනූ දේශයේ ඒකීභාවය උදෙසා කුරිරු ත්‍රස්තවාදය එරෙහිව සිදු කළ සටනේ දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකාවන් 11 දෙනෙකු හා සාමාජිකයින් 534 දෙනෙකු දිවි පීදු අතර ඔවුන්ගේ අමිල මෙහෙවර සිහි කිරීම උදෙසා අනුරාධපුර,විල්පත්තුව,කැබිතිගොල්ලෑව හා වව්නියාව බලකා අණදෙන නිලධාරින් විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කරන ලදී.
සර්ව ආගමික වතාවත් සිදුකර, ජාතික ගිය හා දෙපාර්තමේන්තු ගීය වාදනය කිරීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, අධ්යක්ෂ පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි, විල්පත්තුව බලකා අණදෙන නිලධාරි, දිස්ත්‍රික් නිලධාරින් ඇතුළු සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් සහ ක්‍රියාන්විත රාජකාරීයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් විසින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර පුදකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගී වු ක්‍රියාන්විත රාජකාරීයේදී මිය ගිය සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ ලඟම ඥාතීන් වෙත ආහාර ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් සමඟින් මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දීම ද සිදුකරන ලදී.
මෙම උපහාර උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිළිනි කෝදාගොඩ මැතිණිය හා සේවා වනිතා ඒකකයේ සාමජිකාවන්, අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බලකා අණදෙන නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරින් හා සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් සහභාගී විය.
පැවති යුධමයවාතාවරණය හමුවේ මායිම් ගම්මානයන්හි ජීවත් වූ වැසියන්ගේ සාමාන්‍ය ජන ජිවිතය හා දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දෙමින්, යුද්ධ හමුදාව මගින් මුදවා ගත් ගොඩබිම් හි ආරක්ෂාව තහවුරු කරමින්, තර්ජිත ගම්මානයන්හි ජිවත් වූ වැසියන් තම ගම්බිම් අතහැර වෙනත් ප්‍රදේශයන් වෙත සංක්‍රමණය වීම වලක්වා ගනිමින් ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීම වෙනුවෙන්ද, ක්‍රියාන්විත මෙහයුම් සඳහා යොදවා සිටි භට පිරිස් වෙත පහසුකම් සලසාලමින් මුදවා ගත් ප්‍රදේශයන්හි සාමාන්‍ය ජන ජිවිතය හා රාජ්යයාන්ත්රණය පවත්වාගෙන යාම සඳහා අති විශාල මෙහෙයක් ඉටු කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 18ක් පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 18 වන සංවත්සර සැමරුමට සමගාමිව 2024 සැප්තැම්බර් මස 09 වන දින අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියස දී ආගමික වතාවත් සිදුකරන ලදී.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල (විශ්‍රාමික) වීඑස්වී යූඑස්පී එම්බීඒ(එක්සත් රාජධානිය) එන්ඩීසී(ඉන්දියා) පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි දිළිනි කෝදාගොඩ මැතිණියගේ මූලිකත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජා කිරීමෙන් අනතුරුව අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය විසින් සෙත් පිරිත් සජ්ඡායනා කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට, දෙපාර්තමේන්තු ධජයට, බලකා ධජයන් වෙත හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියුතු, විශ්‍රාමික හා යුද්ධයේදී රණක්ෂිතයට පත් සාමාජික සාමාජිකාවන් හට සෙත්පතා ආශිර්වාද කිරීම සහ මාතෘ භුමියේ ඒකිය භාවය වෙනුවෙන් දිවිපිදූ සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් සිහිකර පුණ්‍යානුමෝදනාවක් ද සිදු කරන ලදී .
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අතිරේක අධ්යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ඩබ්ඩීඊඑම් සුදර්ශන (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි, අධ්යක්ෂ පිරිස් පාලන බ්‍රිගේඩියර් අයිඩීඩී ප්‍රනාන්දු ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනුරාධපුර, විල්පත්තුව, කැබිතිගොල්ලෑව හා වව්නියව බලකා අණදෙන නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරින් සහ සිවිල් ආරක්ෂක සාමාජික, සාමාජිකාවන් සහභාගී විය.
මේජර් ජෙනරල් (විශ්‍රාමික) එන් ආර් ලමාහේවාගේ
ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු
Rear Admiral WDEM Sudarshana
RSP, USP, psc, ndu